${article.image}
Published 10/11/2020 by Yashodha Jayalath / Views :

නිවසේදීම යෝගට් සාදමු.

යෝගට් යනු ලොකු කුඩා කවුරුත් ආසා කරන ජනප්‍රිය කිරි නිෂ්පාදනයකි. යෝගට් නිපදවන්නේ කිරි පැසවීමට ලක් කිරීමෙනි. නිවසේදී යෝගට් සාදා ගත හැකි ආකාරය මා මෙහිදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. යෝගට් නිෂ්පාදනය කුඩා පරිමාණයෙන් ආරම්භ කර සාර්ථක කරගත හැකි ස්වයං ව්‍යාපාරයකි. 

අවශ්‍ය ද්‍රව්‍ය : 

වට්ටෝරුව 01 (එළකිරි හෝ කල් කිරි මගින් යෝගට් නිපදවීම) : 

  • එළකිරි හෝ කල්කිරි පයින්ට් 03 

  • සීනි ග්‍රෑම් 200 

  • ජෙලටින් ග්‍රෑම් 14

  • මුහුන් යෝගට් 01 

  • වැනිලා රසකාරකය 

  • එග් යෙලෝ වර්ණකය 

වට්ටෝරුව 02 : (පිටි කල කිරි භාවිතයෙන් යෝගට් නිපදවීම)

  • කිරි පිටි ග්‍රෑම් 500 

  • සීනි ග්‍රෑම් 450

  • ජලය (මිලිලීටර් 750) බෝතල් 05

  • ජෙලටින් ග්‍රෑම් 25

  • මුහුන් යෝගට් 2 ½ 

  • වැනිලා රසකාරකය 

  • එග් යෙලෝ වර්ණකය

 

සාදන ක්‍රමය : 

  1. එළකිරි භාවිතා කරන්නේනම්, එය නටන උෂ්ණත්වයට රත් කොට කිහිපසැ රයක් යොදය ඉවත් කරන්න. එසේ නොකළහොත් නිෂ්පාදනය කල යෝගට්වල වෙනම තට්ටුවක් ලෙස යොදය මිදීමට හැකිය.

  2. පිටිකිරි භාවිතා කරන්නේ නම්, එහි සදහන් කර ඇති පරිදි ජලය එකතු කොට කිරි සාදාගත යුතුය. සාමාන්‍යයෙන් කිරිපිටි ග්‍රෑම් 500 කට ජලය බෝතල්(750 ml බෝතල්) 5ක් එකතු කරයි. 

  3. කල්කිරි ඒ ආකාරයෙන්ම භාවිතාකල හැකිය.  

  4. දැන් ජෙලටින් උණු වතුරෙහි දිය කරගන්න.

  5.  කිරි වලට සීනි එකතුකොට ජලතාපකයක තබා සෙල්සියස් අංශක 85-90 ක පමණ උෂ්ණත්වයට (නටන උෂ්ණත්වයට) විනාඩි30 ක් රත් කොට ඉවතට ගෙන දියකරගත්  ජෙලටින් එකතු කරගන්න. 

  6. මෙම මිශ්‍රණය පිරිසිදු ඕගන්ධි රෙද්දක් භාවිතා කොට පෙරා ගන්න.

  7.  පසුව සෙල්සියස් අංශක 42 - 45 දක්වා මෙම මිශ්‍රණය සිසිල් කරගන්න. මෙම උෂ්ණත්වය උෂ්නත්වමානයකින් මැනගත හැකිය.  

  8. මුහුන් ලෙස ගත් යෝගට් හොදින්   දියවන තුරු හැන්දකින් ගසා කිරි මිශ්‍රණයට එකතු කරන්න.

  9.  ඒ සමග වැනිලා රසකාරකය සහ වර්ණකය එකතුකර මිශ්‍ර කරන්න. ඔබ කැමති නම් මෙම රසකාරක හා වර්ණකය එකතු නොකර සිටිය හැකිය. එවිට සුදු පැහැති යෝගට් සාදාගත හැකි වේ. 

  10. දැන් මෙම මිශ්‍රණය කෝප්ප වලට වත් කරගන්න. 

  11. කෝප්ප වලට වත් කරගත් යෝගට්  මිශ්‍රණය සෙල්සියස්  අංශක 42-45 උෂ්ණත්වය ඇති පරිසරයක පැය 4 ½ - 5ක් තබන්න. (ඉන්කියුබෙටරයක් තිබේනම් ඒ තුල තැබිය හැකිය. නැතහොත් කාඩ්බෝඩ් පෙට්ටියක් තුල යෝගට් සහිත කෝප්ප තබා ඒ තුලට විදුලි බල්බයක් හෝ දෙකක් සවි කොට එමගින් අවශ්‍ය උෂ්ණත්වය ලබාගන්න. මේ සදහා ආහාර උණුසුම් කිරීමට යොදාගන්නා ලාම්පු භාවිතා කල හැකිය.                          

12. ඝන ස්වභාවයට පත්වුනු පසු කාමරඋෂ්ණත්වයේ විනාඩි 5ක් තබන්න. 

13. පසුව පියන් සවි කර ශීතකරණයේ තබන්න. (අධිශීතකරණයේ නොතබන්න.)