${article.image}
Published 13/11/2020 by Yashodha Jayalath / Views :

උදෑසන ආහාරයට ඕට්ස් රෙසිපියක්.

Avena sativa යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ඕට්ස් ඉතා ගුණදායක ආහාරයක් බව ඔබ දැනටමත් දන්නවා ඇති. සාමාන්‍යයෙන් ඕට්ස්  කිරි හෝ වතුර සමග තම්බා ගෙන  කැඳ විශේෂයක් ලෙස උදෑසන ආහාරයක් ලෙසිනුයි කෑමට ගන්නේ. ඊට අමතර මෆින් ලෙස, කුකීස් ලෙස සහ කේක් ලෙසත් ඕට්ස් එක් කරගන්නට පුළුවනි. ඕට්ස් වල කාබෝහයිඩ්රේට, ප්‍රෝටීන, මේදය සහ තන්තු යහමින් අඩංගු වනවා. එසේම ඕට්ස් විටමින්, ඛනිජ සහ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ආහාරයක් ලෙස හදුන්වන්නට පුළුවනි. බොහෝ බෝනොවන රෝගවලින් අපගේ ශරීරය ආරක්ෂා කිරීමට ඕට්ස් අපට උපකාරී කරගත හැකිය. 

රට ඉඳි යනු අපගේ නිරෝගී බවට හිතකර සංයෝග සහ පෝෂක අඩංගු වන පළතුරක් වන අතර කුරුඳු යනු ඖෂධිය ගුණ ඇති කුළුබඩුවක්. ඕට්ස් සමග කුරුඳු සහ රටඉඳි එකතු කොට රසවත් මෙන්ම පෝෂණීය උදෑසන ආහාරයක් සදාගන්නා ආකාරය දැන් අපි බලමු. 

අවශ්‍ය ද්‍රව්‍ය : 

ඕට්ස් කෝප්පය සදහා: 

(එක් පුද්ගලයෙකු සදහා අවශ්‍ය ඕට්ස් කෝප්පයක් සදා ගැනීමට  මෙම වට්ටෝරුවෙන්  හැකියි.)

  • ඕට්ස් කෝප්ප ½ 

  • වතුර කෝප්ප1 

  • රටඉඳි ගෙඩි 2 

  • කුරුඳු කුඩු තේ හැඳි ½ 

  • වැනිලා සාරය තේ හැඳි ½ 

සෝස් එක සදහා: 

  • කජු කෝප්ප ½ 

  • වැනිලා සාරය තේ හැඳි ½

  • රටඉඳි 2

  • වතුර කෝප්ප ¾ 

(ඕට්ස් කෝප්ප කිහිපයකට මෙම සෝස් එක ප්‍රමාණවත් වේ. එම නිසා ඔබට අවශ්‍ය පරිදි වට්ටෝරුව වෙනස් කර ගන්න)

සාදන ක්‍රමය: 

  • සෝස් එකට ගන්නා ද්‍රව්‍ය ටික බ්ලෙන්ඩරයකට දමා හොදින් මිශ්‍ර කර ගන්න.

  • ඕට්ස්කෝප්පය සාදා ගැනීමට අවශ්‍ය වතුර, රටඉඳි, කුරුඳු සහ වැනිලා බ්ලෙන්ඩරයකට දමා හොදින්  මිශ්‍ර කොටගෙන ඕට්ස් සමග සාස්පානකට දමා විනාඩි 5ක් පමණ හොදින් පිස ගන්න. 

  • පිස ගත ඕට්ස් බදුනකට ගෙන අවශ්‍ය පරිදි සෝස් එක උඩින් වත් කර ගන්න. 

  • ඔබට කැමතිනම් පෙති ගැසූ කෙසෙල් හෝ වේලපු මිදී හෝ ඇපල් සමග මෙය ආහාරයට ගන්නත් පුළුවනි.