${article.image}
Published 15/11/2020 by Yashodha Jayalath / Views :

පොලොස්  අච්ච්චාරුවක් සාදා ගනිමු. 

අච්චාරු දැමීම මගින් එළවළු කල් තබා ගැනීම පැරණි කාලයේ පටන් පැවත එන වර්තමානයේදී ජනප්‍රිය ක්‍රමයකි. එමගින් එළවළු වල රසය වැඩි කල හැකිය. පොලොස්, ගස්ලබු, රාබු, ගෝවා, පිපිඤ්ඤා, කැරට් ආදිය මෙසේ අච්චාරු දැමීමට යොදාගන්නා එළවළු වේ. මෙහිදී ආහාරයට සුදුසු ප්‍රති-ක්ෂුද්‍ර ජීවක දියර වන ලුණු, විනාකිරි, මධ්‍යසාර හෝ ඔලිව් තෙල්/එළවළු  තෙල් ආදී තෙල් වර්ග  යෙදීමෙන් ආහාර පරිරක්ෂණය සිදු කරයි. ආහාර පරිරක්ෂණ ක්‍රමවේදයන්ගේ විද්‍යාත්මක පසුබිම නමින් මා විසින් ලියන ලද ඩිජිටල් ග්‍රන්ථය ළඟදීම ඔබට Healthy Living LK වෙබ් අඩවිය තුලින් කියවීමට හැකි වේවි. ආහාර කල්තබා ගැනීමේ ක්‍රම පිළිබදව දැන ගැනීමට අවශ්‍ය සහ ස්වයං ව්‍යාපාරයක් ලෙස ආහාර කල්තබා ගැනීමේ නිෂ්පාදන බිහි කිරීමට අදහස් කරන අයෙකුට අවශ්‍ය දැනුම ලබා ගත හැකි ආකාරයට එම පොත මා ලියන ලදී. එහි "නිවසේ දී සිදුකර ගත හැකි ආහාර පරිරක්ෂක ක්‍රියාකාරකම්" නමැති පරිචේදයේ ද අන්තර් ගත වන පොලොස් අච්චාරුවක් සාදා ගන්නා ආකාරය මා මෙහිදී පළකරන්නට සිතුවා. 

අවශ්‍ය ද්‍රව්‍ය :

  • සාමාන්‍ය ප්‍රමාණයේ පොලොස් ගෙඩියක්
  • අමු මිරිස් කරල් 2ක්
  • රතු ළූණු ගෙඩි 5ක්
  • කැරට් අල 1-2
  • අබ පේස්ට් ග්‍රෑම් 6.39 (තේ හැඳි 3ක්)
  • විනාකිරි මිලි 50
  • අබ ඇට ග්‍රෑම් 15.78 (තේ හැඳි 3ක්)
  • කැබලි මිරිස් ග්‍රෑම් 2.71  (තේ හැඳි 01)
  • ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය පමණ

         සාදන ක්‍රමය:-

1. පොලොස්, අගලේ කුඩා කොටු කපාගෙන වතුර සහ විනාකිරි සමග තම්බාගන්න.

2. අමු මිරිස්, රතු ලූනු සහ කැරට් තම්බාගන්න.

මිශ්‍රණය සෑදීම:

3. පෑන් එකක් ලිප තබා එයට අබ පේස්ට් තේ හැඳි  2-3, විනාකිරි තේ හැන්දක් , කැබලි මිරිස්, ලුණු සහ ගම්මිරිස් එකතු කර මදගින්නේ හොඳින් මිශ්‍ර කරන්න.

4. මෙම මිශ්‍රණය කලින් තම්බා ගත් එළවළු සමග හොඳින් මිශ්‍ර කරගන්න.

5. ජීවානුහරණය කොටගත් හොදින් වැසෙන වීදුරු බෝතලයක හුලන් නොවදින ලෙස ආවරණය කර දින 2-3 පසුව පරිබෝජනයට ගන්න. බෝතල් ජීවානුහරණයට පීඩන උදුනක් භාවිතා කල හැකිය