යකඩ ඌනථාවය සහ රක්තහීනතාවය

රක්තහීනතාවය ලෙස හදුන්වන්නේ අපගේ රතු රුධිර සෛල ප්‍රමාණය අඩු වීම හෝ එහි අඩංගුව ඇති හිමොග්ලොබින් සාන්ද්‍රණය සාමාන්‍යය ප්‍රමාණයට වඩා අඩු වීම සම්බන්ධ රෝග තත්වයකි. හිමොග්ලොබින් යනු රතු රුධිර සෛල වල සංඝටකයක් වන ප්‍රෝටීනයකි. ඔබගේ ශරීරයේ ප්‍රමාණවත් තරම් හිමොග්ලොබින් නොමැති නම් හෝ ඔබගේ රතු රුධිරාණු ප්‍රමාණය අඩු නම් හෝ ඔබගේ රතු රුධිරාණු අසාමාන්‍ය ලෙස වෙනස් වී ඇතිනම්, ඔබේ ශරීරයේ පටක වලට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් රැගෙන යාම සඳහා රතු රුධිර සෛලවල ධාරිතාව අඩුවීමට හේතු එය හේතුවක් වේ. අප ශරීරය සැකසී ඇති මාංශ පේශි සහ පටක වලට ඔක්සිජන් නොමැතිව නිසි ලෙස ක්‍රියා කිරීමට නොහැකි වේ. එම නිසා රක්තහීන තත්වයකදී අප ඉක්මනින් වෙහෙසට පත්වී හුස්ම ගැනීමට අපහසුතාවයක් ඇති වේ. රක්තහීනතාවයේ විවිධ ප්‍රභේද තිබුණද, වඩාත් බහුලව දක්නට ලැබෙන්නේ යකඩ ඌනථාවය නිසා හටගන්නා රක්තහීනතාවයයි. රක්තහීනතාවය ඇතිවීමට හේතු සාධක වන වෙනත් කරුණු වන්නේ, ෆෝලේට්, විටමින් බී 12 සහ විටමින් ඒ ඌනථා, හීමොග්ලොබිනෝපති තත්වය, මැලේරියාව, ක්ෂය රෝගය, එච්අයිවී සහ පරපෝෂිත ආසාදන වැනි බෝවන රෝග වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව (WHO) රක්තහීනතාවය යනු කුඩා දරුවන්ට සහ ගර්භනී කාන්තාවන්ට විශේෂයෙන් බලපානු ලබන බරපතල ගෝලීය මහජන සෞඛ්‍ය ගැටලුවකි (global public health problem). වයස අවුරුදු 5 ට අඩු ළමුන්ගෙන් 42% ක් සහ ලොව පුරා ගර්භනී කාන්තාවන්ගෙන් 40% ක් රක්තහීනතාවයෙන් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ගණන් බලා තිබේ.
යකඩ ඌනථාවයෙහි නිසා අපගේ ජීවිතයේ ගුණාත්මක භාවයට විවිධ බලපෑම් ඇතිවිය හැකිය. රක්තහීනතාවයේ රෝග ලක්ෂණ, එය කෙතරම් ඉක්මනින් ඇතිවුනිද, එහි ත්‍රිවෘරතාවය, වයස සහ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්වය අනුව වෙනස් වේ.සමහර අවස්ථාවලදී රෝග ලක්ෂණ පෙන්වන්නේ ද නැත.
යකඩ ඌනථාවය නිසා හටගන්නා රක්තහීනතාවයේදී පහත ලක්ෂණ දැක ගත හැකිය.
-
අධික තෙහෙට්ටුව - යකඩ ඌනතාවයේ වඩාත් සුලබව දැකිය හැකි රෝග ලක්ෂණයකි. මෙයට හේතුව ශරීරයේ පටක කරා ළඟා වන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමයි. නමුත් වර්තමානයේ පවතින කාර්ය බහුල ජීවනරටාව සමග බොහෝ දෙනෙකු ඉක්මනින් විඩාවට පත්වන නිසා, යකඩ ඌනථාවය හදුනා ගැනීමට එය බාධාවක් වී තිබෙනවා.
-
සුදුමැලි සම - හිමොග්ලොබින් මගින් රුධිරයට රතු පැහැය ලබා දෙයි. යකඩ ඌනථාවයේ දී රුධිරාණු වල අඩංගු වන හිමොග්ලොබින් ප්‍රමාණය අඩු නිසා රුධිරයේ පැහැය අඩු වේ. අක්ෂිවල පහල පියන් ඇතුලත හෝ තොල්වල හෝ මුහුණේ හෝ නියපොතු හෝ විදුරුමස් වල පැහැය සුදුමැලි වී තිබීම රක්තහීනතාවයෙන් පෙළෙන පුද්ගලයන් තුලින් දැකිය හැකිය.
-
පපුවේ වේදනාව, වේගවත් හෘද ස්පන්දනය හෝ හුස්ම හිරවීම - යකඩ ඌනථාවයේ රෝග ලක්ෂණ වේ. අඩු අඩු හිමොග්ලොබින් මට්ටම නිසා මාංශ පේශි හා පටක වලට ඔක්සිජන් ප්‍රවාහනය කිරීමට නොහැකි වීම ඊට හේතුවේ. ඇවිදින විට, පඩි පෙළ නගින විට හෝ වැඩ කරන විට ඔබට හුස්ම හිර වන බවක් දැනේ නම්, එයට හේතුව යකඩ ඌනතාවය විය හැකිය.
-
හිසරදය, කරකැවිල්ල හෝ පාවෙන ගතිය - යකඩ ඌනථාවය සහ මෙම ලක්ෂණ අතර සම්බන්ධය තවමත් පැහැදිලි කරගෙන නැතත්, හිමොග්ලොබින් නොමැතිකම නිසා මොළයට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොලැබීම නිසා එහි රුධිර වාහිනී මත ඇතිවන පීඩනය නිසා මෙම ලක්ෂණ ඇති විය හැකි බව විශේෂඥ මතය වේ.
-
සීතල අත් සහ පාද - යකඩ ඌනථාවය නිසා අඩු අත් සහ පාදවලට ලැබෙන්නේ අඩු ඔක්සිජන් ප්‍රමාණයකි. මේ නිසා අත් සහ පාද සීතල වන අතර සමහර විට වැඩි සීතලක් ශරීරයට දැනෙන්නට ද පුළුවන.
-
දිවේ දැවිල්ල හෝ තුවාල ඇතිවීම - යකඩ ඌනථාවය මගින් දිව ඉදිමීම, සුදුමැලිවීම හෝ අසාමන්‍ය ලෙස දිව සිනිදු වීම, මුඛය වියළි වීම, දැවිල්ලක් ඇතිවීම, මුඛය දෙපැත්තේ පැලීම් දක්නට ලැබීම හා මුඛයේ වණ ඇති වීම ආදි රෝග ලක්ෂණ ද ඇති විය හැකිය.
-
වියළී හානියට පත් වූ හිසකෙස් සහ සම - ස්නානය කිරීමේදී හා කොණ්ඩය පිරීමේදී හිසකෙස් ස්වල්පයක් ගැලවී යාම සාමාන්‍ය දෙයකි. නමුත් විශාල ලෙස ඔබගගේ හිසකේ ගැලවීයයි නම්, එය යකඩ ඌනථාවය නිසා විය හැකිය. මෙහිදී සිදුවන්නේ හිසකෙස් වර්ධනයට හේතු වන සෛල වලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමයි. සමට සහ හිසකෙස් වලට ඔක්සිජන් අහිමි වූ විට ඒවා වියැළී, දුර්වල වී යා හැකිය.
-
අයිස්, මඩ, ගල්කැට, කඩදාසි වැනි පෝෂණයක් නොමැති ද්‍රව්‍ය ආහාරයට ගැනීමට ආසාවක් ඇතිවීම.
-
ආහාර අරුචිය
-
නොසන්සුන් කකුල් සින්ඩ්‍රෝමය ඇතිවීම - නොසන්සුන් කකුල් සින්ඩ්‍රෝමය යනු, විවේකයෙන් සිටින විට කකුල් සෙලවීමට ඇති වන දැඩි ආවේගයකි. යකඩ ඌනථා රක්තහීනතාවයෙන් පෙළෙන අයට නොසන්සුන් කකුල් සින්ඩ්‍රෝමය ඇතිවීමේ අවස්ථාව වැඩිය.
-
පහසුවෙන් කැඩීයන නියපොතු හෝ හැන්දක් ලෙස දෙපැත්තෙන් වකුටු වූ නියපොතු - යකඩ ඌනථාවයේ මුල් කාලයේදී පහසුවෙන් කැඩීයන නියපොතු ඇතිවන අතර බරපතල රක්තහීනතාවයේ දී නියපොතු දෙපැත්තෙන් ඉහළට වකුටු වී හැන්දක් වැනි හැඩයක් ලබා දේ.
ළමුන් සහ ගර්භනී කාන්තාවන් විශේෂයෙන් රක්තහීනතාවයට ගොදුරු වේ. මාතෘ හා ළමා මරණ අවදානම ද එමගින් වැඩි වේ. යකඩ ඌනථා රක්තහීනතාවය, දරුවන්ගේ සංජානනය (මොළය සම්බන්ධ ක්‍රියාකාරකම්) හා ශාරීරික සංවර්ධනයට ඍණාත්මකව බලපාන අතර වැඩිහිටියන්ගේ ඵලදයිතවය ද අඩු කරයි.
ඔබට හෝ ඔබේ දරුවාට යකඩ ඌනථා රක්තහීනතාවය ඇතැයි ඔබ සැක කරන්නේ නම්, රෝග විනිශ්චය සඳහා ඔබගේ වෛද්‍යවරයා හමුවන්න. ඔබ විසින් පරිබෝජනය කරන ආහාර වල වෙනස්කම් කිරීම මගින් යකඩ ඌනථා රක්තහීනතාවය සදහා ප්‍රතිකාර කිරීම පහසුය.
වෛද්‍යවරයාගේ උපදෙස් නොමැතිව යකඩ අතිරේක ගැනීමට පෙළඹීම යහපත් නැත, මන්ද යකඩ ශරීරය තුල අධික ලෙස එකතුවීම අක්මාවට හානි විය හැකි අතර වෙනත් භයානක සංකූලතා ඇති කිරීමට හේතුවිය හැකියි.
යකඩ ඌනථා රක්තහීනතාවය ඇතිවීමට හේතු සාධක
-
ඔබ ආහාර මගින් ලබාගන්නා යකඩ ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම
යකඩ අඩංගු ආහාර අඩුවෙන් පරිභෝජනය කරන පුද්ගලයින්හට සහ නිර්මාංශ ආහාර අනුභව කරන පුද්ගලයින්හට රක්තහීනතාවය ඇතිවීමේ වැඩි අවදානමක් ඇත. යහමින් යකඩ අඩංගු ආහාර සදහා හරක් මස් හා ඌරු මස් වැනි සිව්පා මාංශ, කුකුළු මස්, කළුකුම් මස් වැනි පක්ෂි මාංශ, කොළ පැහැති එළවලු සහ පලා වර්ග, ගෝවා, ඔයිස්ටර් බිම්මල්, අර්තාපල්, මුද්දරප්පලම් වැනි වියළි පලතුරු සහ මල්බෙරි වැනි පලතුරු, ඕට්ස්, මුහුදු ආහාර,යකඩ එකතුකරන ලද ආහාර(fortified foods) - එනම් ස්වාභාවිකවම අඩංගු නොවන පෝෂ්‍ය පදාර්ථ එකතු කොට ඇති ආහාර, වට්ටක්කා ඇට, තල ඇට, හණ ඇට වැනි ඇට වර්ග හා කජු, ආමන්ඩ් වැනි දෘඩ ඵල වර්ග, ටෝෆු සහ සෝයා බෝංචි, පරිප්පු සහ වෙනත් ධාන්‍ය වර්ග සහ ඩාර්ක් චොකලට් හදුන්වා දිය හැකිය.
-
ආහාර වල අඩංගු යකඩ ශරීරයට අවශෝෂණය කර ගැනීමට නොහැකි වීම
යකඩ අවශෝෂණය සිදුවන්නේ කුඩා බදවල හරහා ය. බඩවැල් ආශ්‍රිත ආබාධයක් වන සෙලියාක් රෝගය (Celiac disease) නිසා, ජීර්ණය කළ ආහාර වලින් පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීමට බඩවැලට ඇති හැකියාව අඩුවීමට හේතුවන නිසා යකඩ ඌනථා රක්තහීනතාවයට ඇතිවිය හැකිය.
මීට අමතරව මස් හා සත්ව නිෂ්පාදන වල අඩංගු යකඩ සාමාන්‍යයෙන් ශාකවල ඇති යකඩවලට වඩා මිනිස් සිරුරට පහසුවෙන් අවශෝෂණය කරගනී. ශාක ආහාරවල ඇති යකඩ අවශෝෂණය කර ගැනීමට ශරීරයට ඇති හැකියාව වැඩි කිරීමට, විටමින් සී පොහොසත් ආහාර අනුභව කිරීම, ආහාර සමඟ කෝපි සහ තේ පානය නොකිරීම හෝ කෝපි සහ තේ පානය කිරීමේදී ආහාර ගැනීමට පැය 2 කට පෙර/පසු එය සිදු කිරීම, ධාන්‍ය වර්ග පොඟවා ගැනීම සහ අංකුර ඇතිකොට ආහාරයට ගැනීම හෝ පැසවීමට ලක්කොට ආහාරයට ගැනීම,වාත්තු යකඩ (Cast iron) භාජන වල ආහාර පිසීම, ලයිසීන් බහුල ආහාර පරිභෝජනය කිරීම ආදිය සිදුකල හැකිය.
-
ගර්භණිභාවය - යකඩ අතිරේකයක් ලබානොගන්නා ගැබිණි මව්වරුන්හට යකඩ ඌනථා රක්තහීනතාවය ඇතිවිය හැකිය. ඊට හේතු වන්නේ වැඩෙන කළලයට මවගේ ශරීරයේ ඇති යකඩ ලබාගැනීමයි.
-
රුධිරය හිඟ වීම - අධික ලෙස ඔසප් සිදුවන කාන්තාවන්ට රක්තහීනතාවය ඇතිවීමේ අවදානම පවතී.
යකඩ යනු මිනිස් සිරුරට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයකි. යකඩ ඌනථාවය ඉතා සුලභ පෝෂණ ඌනථාවයක් වන අතර ළමයින්, නව යොවුන් වියේ පසුවන්නන්, ප්‍රජනක වයසේ කාන්තාවන්, ගර්භනී කාන්තාවන් සහ නිර්මාංශිකයින් අවදානම වැඩි පිරිසට අයත් වේ. මාංශ ආහාර වල අඩංගු යකඩ ශාක ආහාර වල අඩංගු යකඩ වලට වඩා පහසුවෙන් ශරීරයට අවශෝෂණය කර ගනියි. විටමින් සී, විටමින් ඒ හෝ බීටා-කැරොටින් අඩංගු ආහාර අනුභව කිරීමෙන් ඔබට ආහාර වලින් යකඩ අවශෝෂණය වැඩි කර ගත හැකිය. කෝපි සහ තේ වැනි පොලිෆීනෝල් අඩංගු පාන වර්ග මගින් යකඩ අවශෝෂණය සැලකිය යුතු ලෙස අඩු වේ. මේ නිසා ආහාර ගැනීමට හෝ ආහාර ගැනීමෙන් පැය 2ක් ඇතුලත මෙවැනි පාන වර්ග ගැනීමෙන් වැලකි සිටිය යුතුය.