ගර්භණි කාලයේ දී සංකූලතා ඇති කල හැකි සාධක.

Yashodha Jayalath
November 07, 2020
${article.image}

කාන්තාවකගේ ජීවිතයේ සුන්දරම බලාපොරොත්තුවලින් පිරි පවතින කාලයක් ලෙස ගැබිනි සමය හැදින්විය හැකිය.  ඕනෑම ගැබිණි මවකගේ  ප්‍රාර්ථනය වන්නේ නිරෝගී ලස්සන බබෙකු බිහි කිරීමයි. නමුත් ගර්භණි  කාලයේ දී ඇතිවිය හැකි සංකූලතා නිසා නිරෝගී දරුවකු බිහිකිරීමේ සිහිනය බොදවෙන්න පුළුවනි. එසේ සංකූලතා ඇති කල හැකි සාධක මොනවාදැයි අපි දැනගනිමු. 

  1. මවගේ පුරුදු /මව දුම්පානය කිරීම, මත්පැන් ගැනීම සහ මත්ද්‍රව්‍ය ගැනීම :

ගර්භණි කාලයේදී මව මත්පැන් පානය කිරීම නිසා කුස තුල වැඩෙන දරුවාගේ වර්ධනයට අහිතකර බලපෑම් ඇතිවේ. මවගේ රුධිරය තුලින් කළලයේ රුධිරයට මධ්‍යසාරවලට එකතුවිය හැකිය. එමගින් කලළයේ වර්ධනය වන සෛල හානියට පත්වේ. විශේෂයෙන්ම  බබාගේ මොලයේ සහ සුෂුම්නාවේ සෛල වලට වැඩි හානියක් සිදුවේ. මෙසේ ඇතිවන ගැටළු දරුවාගේ ජීවිත කාලයටම බලපෑ හැකිය. 

මධ්‍යසාර නිසා දරුවාගේ මුහුණ අමුතු පෙනුමක් ගනියි. මෙය විද්‍යාමාන වන්නේ දරුවාට වයස අවුරුදු 2-3 වන විටය. පැතලිමුහුණක්, කුඩා හිසක් සහ කුඩා ඇස් ඇතිවිය හැකිය. එසේම උපතට පෙර මධ්‍යසාරවලට නිරාවරණය වන දරුවන් ඔවුන්හා සමවයසේ දරුවන්ට වඩා උසින් අඩුවේ. ඉගෙනුම් දුර්වලතා ද පෙන්විය හැකිය.  මව තදින් මත්පැන් පානය කරයිනම් ගබ්සාවීම, මළදරු උපත්, නොමේරු උපත් ආදිය ද සිදුවිය හැකිය.  ගැබිණි සමයේදී සිගරට් බොන මව්වරුන් හෝ සිගරට් දුමට නිරාවරණය වන මව්වරුන්ගේ දරුවන් හර්ධ රෝග සහිතව ඉපදීමේ හැකියාවක් පවතී. එසේම තල්ල පැලුණු දරුවන් ද බිහිවිය හැකිය. 

  1. මව අධිකව ක්ෂණික ආහාර ලබාගන්නේ නම් උපදින දරුවාට ඇදුම රෝග තත්වය ඇතිවිය හැකි බව දැන් සොයාගෙන ඇත.

  2.   මවට වැළදෙන රෝග : 

  • ජර්මන්  සරම්ප රෝගය වෛරසයක් මගින් බෝවේ. මෙමගින් කුස තුල වැඩෙන බබාට ස්ථිර හානි සිදුවිය හැකිය. ඇසේ  සුද  ඇතිවීම,කන් නොඇසීම, අන්ධ බව,හර්ධයේ සිදුරු ඇතිවීම වැනි අබාධ වලට ලක් විය හැකිය. මෙය වැලක්වීමට ලංකාව තුල ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

  • පැපොල රෝගය ද හර්පිස් වර්ගයේ වෛරසයකින් බෝවේ.මෙමගින් සෑමවිටම හානි ඇති නොවේ. ඇතැමුන්ට අත්,කකුල් වල පේශි වර්ධනය සහ මොලයේ වර්ධනය බාල වීම වැනි උපත් අබාධ ඇතිවිය හැකිය.  ගැබිණි සමයේ අවසන් කාලයේදී මවට පැපොල වැලදුනි නම් බබාටත් බෝවිය හැකිය.

  • Toxoplasmosis නම් රෝගය ප්‍රොටෝසෝවාවෙකුගෙන් බෝවේ. පූස් බෙටි, අශ්ව බෙටි සහ බැටළු බෙටි වල මෙම ප්‍රොටෝසෝවා ජීවත් වේ. මෙම අසාදනය වැලදුනහොත් දරුවාගේ මොළයේ අබාධ ඇතිවේ, අක්මාව ඉදිමිය හැකිය, ඇස් කහ පාට වීම, රුධිර පට්ටිකා අඩුවීම මෙන්ම බොහෝ දරුවන් ගර්භාෂය තුලම මිය යයි. 

  • මැලේරියාව දරුවාට හා මවට යන දෙදෙනාටම බලපායි. මවගේ රතු රුධිරානු විනාශ වන නිසා මවට රක්තහීනතාවය ඇතිවිය හැකිය. මවට ලබාදෙන  ඖෂධ නිසා  දරුවාට හානි විය හැකිය.

  • රක්තහීනතාවය,දියවැඩියාව,හර්ධරෝග,අධිරුධිර පීඩනය වැනි රෝග තත්ත්ව කුසේ වැඩෙන දරුවාට අහිතකර ලෙස බලපෑ හැකිය.

  1. ලිංගිකව බෝවන රෝග :

  • ගොනෝරියා රෝගය බෝවන්නේ බැක්ටීරියාවක් මගිනි. අසාදනය වන්නේ යෝනි මාර්ගයේ පහල කොටසයි. දරුවා බිහිවන අවස්ථාවේ දරුවාගේ ඇස් අසාදනය විය හැකිය. 

  • සිෆිලිස් රෝගයද බැක්ටීරියාවක් මගින් බෝවේ. සිෆිලිස් රෝගයෙන් පෙළෙන මවකට නිතරම ගබ්සා සිදුවිය හැකිය. එසේම මළදරු  උපත් සිදුවීම,දරුවාගේ නාසය,දත්,මානසික ක්‍රියාකාරිත්වයට හානි වීමත් උපතේදී අක්මාව හා ප්ලිහාව විශාල වීම සහ උපතේ දී මෙනින්ජයිටිස් සැදීම ඇතිවිය හැකිය.

  • හර්පීස් රෝග ආකාර 2කකි. හර්පීස් I හා හර්පීස් II. මින් හර්පීස් I මුඛයේ ඇතිවන අතර හර්පීස් II ලිංගික අවයව වල ඇතිවේ. ලිංගික ශ්‍රාවයන් හරහා බෝවේ.  ආසාදනය ඇති මවකගේ පහත ලක්ෂණ දක්නට හැකිය.-

    • වෙව්ලා උණ ගැනීම
    • බාහිර හා අභ්‍යන්තර ලිංගික අවයවවල කුඩා තුවාල ඇතිවේ. ඒවා අධිකව දැවිල්ල ගෙනදේ.  එම තුවාල සාමාන්‍යයෙන් සුව නොවේ.
    • කළලයට ආසාදනය විය හැකිය. එමගින් උපත් විකෘති හා හානි ඇතිවිය හැකිය. 
  • මව  HIV වෛරසයෙන් බෝවන  AIDS රෝගයෙන් පෙලේනම් දරුවාටද එය වැලදීමේ අවධානමක් ඇත. 

  1. ගර්භනී සමයේදී මව විසින් ලබාගන්නා ඖෂධ: 

  • වේදනානාශක ඖෂධ අතර මොර්ෆින්, පෙතිඩින් මගින් කලළයේ ස්වසන අබාධ ඇති විය හැකිය.

  • කාංසාව අඩු කිරීම සදහා ලබාදෙන ඩයසිපෑම්, ටෙට්‍රාසයික්ලින්, ස්ට්‍රෙප්ට්‍රොමයිසින්,මෙට්‍රොනිඩෝසොල් ආදී ප්‍රතිජීවක වර්ග මගින් සංකූලතා ඇතිවිය හැකිය.

  1. ගබ්සා වීම :

ගබ්සා වීම යනු කළලය හෝ බ්රූනය පරිණතවීමට පෙර ගර්භාෂයෙන් පිටත් වීමයි.  මෙය ස්වභාවිකව හෝ කෘතිමව සිදුකල හැකිය. ශ්‍රී ලංකාවේ නීතියට අනුව ගබ්සා කිරීම අපරාධයක් වන අතර විශේෂ අවස්ථාවලදී පමණක් නීතියෙන් අවසර ලබා දේ. ස්වභාවික ගබ්සාවලින් 13%-20% අතර ප්‍රමාණයක් ගර්භණි සමයේ පළමු මාස කිහිපයේදී  සිදුවේ. 

ගබ්සාවීමට හේතු ලෙස, 

  • ජානමය විකෘතිතා 
  • කලින් ගබ්සාවීම් වලට ලක්වූවන් 
  • ගැබිණි සමයේ දුම්පානය සහ මධ්‍යසාර භාවිතය 
  • විවිධ ආසාදන 
  • ගර්භාෂයේ අසමාන්‍යතා 
  • ගර්භාෂයෙන් පිටත ගැබ්ගැනීම් 
  • මව විශාදයෙන් පෙලීම ආදී ය දැක්විය හැකිය. 

07. ලේ නෑයින් අතර විවාහය නිසා විවිධ අබාධ සහ තැලිසිමියාව වැනි රෝග සහිත දරුවන් බිහිවිය හැකිය.