රාත්‍රී ආහාරයට නූඩ්ල්ස්, ඉස්සන් සහ අඹ වලින් සලාදයක්

ඉක්මනින් සහ පහසුවෙන් සාදාගත හැකි මෙම සලාදය සදහා හාල් පිටි නුඩ්ල්ස්, ලොකු ඉස්ස්සන්, ඉදුණු අඹ සහ එළවළු අවශ්‍ය වනවා. මෙය වියට්නාමිය සලාදයක් නිසා අපට තරමක් නුහුරු බවක් ගෙන දේ. ඔබ අකමැතිනම් අඹ එකතු නොකර ඔබට මෙම සලාදය සකසා ගත හැකිය. දවසේ ඕනෑම වේලාවක රස බැලිය හැකිමුත් එය සැහැල්ලු ආහාර වේලක් නිසා රාත්‍රී ආහාරය සදහා යෝග්‍ය වන බව මාගේ අදහසයි. මෙහි අඩංගු වන කැලරි ප්‍රමාණය අඩු වන අතර විනාඩි 25කින් පමණ සකස් කර ගත හැකිය. මෙහි ඉදිරිපත් කර ඇති වට්ටෝරුවට අනුව 4 දෙනෙකුට පමණ සෑහේ. මෙහි සදහන් එළවළුවලට අමතරව බෙල් පෙපර්, ලීක්ස් හෝ ලුණු ආදිය ඔබට එකතු කරගත හැකිය.
සලාදය සැකසීමට අවශ්‍ය ද්‍රව්‍ය :
-
හාල්පිටි වලින් සැකසු නූඩ්ල්ස් 150 g
-
පෙති කපා ගත ඉදුණු අඹ ගෙඩි 1/2 ක් පමණ
-
ඇට ඉවත් කරගත් පිපින්ඥ හෝ ගර්කින් 1/4 කුඩා තීරු කපා ගන්න.
-
සිහින් තීරු කපාගත් කැරට් අල 1/2ක්
-
තම්බා පොතු ඉවත් කරගත් ලොකු ඉස්සෝ 220 g
-
කබලේ බැදගෙන කුඩාවට කපා ගත් කජු අහුරක්
-
සිහින්ව කපා ගත කොත්තමල්ලි කොළ අහුරක් හෝ මිංචි කොළ හෝ ලුණු කොළ
-
තම්බා ගත ග්‍රීන් පීස් 100 g
සෝස් එක සැදීමට අවශ්‍ය ද්‍රව්‍ය :
-
දෙහි ගෙඩි 3ක යුෂ
-
ෆිෂ් සෝස් මේස හැඳි 1 1/2
-
රතු සීනි මේස හැඳි 1ක්
-
කෑලි මිරිස් තේ හැඳි 1ක් හෝ කුඩාවට කපාගත් අමු මිරිස් කරලක්
-
පොඩි කරගත් සුදුලූණු බිකි 1/2
-
තල ඇට (කැමතිනම්)
සාදන ක්‍රමය :
පැකට්ටුවේ සදහන් පරිදි නුඩ්ල්ස් පිස ගන්න.
කුඩා භාජනයක් ගෙන සෝස් එක සෑදීමට ගන්නා සියළු ද්‍රව්‍ය එකට හොදින් මිශ්‍ර කරන්න.
ලොකු භාජනයක් ගෙන එයට අඹ, ගර්කින්, කැරට්, තම්බාගත් ග්‍රීන් පීස්, තම්බාගත් ඉස්සෝ සහ නූඩ්ල්ස් එකතු කොට එයට සාදාගත් සෝස් මිශ්‍රණය දමා හොදින් මිශ්‍ර කරගන්න. මෙයට උඩින් සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ සහ කජු ඉසගෙන පිළිගන්වන්න.