රාත්‍රී ආහාරය සදහා පහසුවෙන් සකසා ගත හැකි නුඩ්ල්ස් රෙසිපියක්

Posted on November 15, 2020 by Yashodha Jayalath
recipe
...

රසවත් සහ සැහැල්ලු රාත්‍රී ආහාර වේලක අවශ්‍යතාවය පිලිබදව මා ලිපි කිහිපයකින්ම කතා කලා ඔබට මතක ඇති. මේ නිසා රාත්‍රී ආහාරය සදහා සුදුසු නුඩ්ල්ස් රෙසිපියක් ඔබ වෙත ගෙනේ එන්නට මා සිතුවා. මා මෙහි දක්වා ඇති වට්ටෝරුවට අනුව 4 දෙනෙකුට ප්‍රමාණවත් ආහාර වේලක් ඔබට සාදාගත හැකිය. 

අවශ්‍ය ද්‍රව්‍ය : 

  • එළවළු තෙල් මේස හැඳි 2ක් 

  • කුඩාවට කපාගත් සුදුලූණු බිකි 5ක් පමණ

  • කුඩාවට කපාගත් ලීක්ස් දණ්ඩක් පමණ නැතිනම් ලුණු කොළ කිහිපයක් කුඩාවට කපා ගන්න 

  • ග්‍රේට් කරගත් කැරට් අල 2ක් 

  • කෑලි කපා ගත් බෝංචි කෝප්පයක් 

  • රතු සීනි මේස හැඳි 2ක් 

  • සෝයා සෝස් මේස හැඳි 3ක් 

  • පිසගත් සහල් පිටි නුඩ්ල්ස්  250 g 

  • ගම්මිරිස් කුඩු (අවශ්‍ය පරිදි )

  • ලුණු පදමට 

සාදන ක්‍රමය : 

තෙල් ටික පෑන් එකකට දමා මධ්‍යම ගින්දරේ රත් කර ගන්න. කපාගත් ලීක්ස් හෝ ලුණු කොළ කිහිපයක් සහ සුදුලූණු ටික තෙලට දමා විනාඩි 2 - 3 ක් පිස ගන්න. 

එයට කපා ගත් බෝංචි සහ ග්‍රේට් කරගත් කැරට් කැරට් දමා තෙම්පරාදු කර ගන්න. එයට රතු සීනි සහ සෝයා සෝස් එකතු කරන්න. හොදින් මිශ්‍ර කරගන්න.

මෙයට නුඩ්ල්ස් එකතුකොට එළවළු සමග හොදින් මිශ්‍ර කරන්න. විනාඩි කිහිපයක් තෙම්පරාදු වෙන්නට හැර ලුණු හා ගම්මිරිස් එකතු කරන්න. ඉතිරි වුනු ලීක්ස් කොළ හෝ ලුණු කොළ ටික උඩින් ඉසගෙන පිළිගන්වන්න.  

ඔබ නිර්මාංශික නොවේ නම් මෙම රෙසපිය වඩාත් රසවත් කරගැනීමට ඔබට කල හැකි තව දෙයක් තිබේ. බිත්තර ඔම්ලට් එකක සාදාගෙන ත්‍රිකෝණාකාර කැබලි කපා ඔබගේ නුඩ්ල්ස් එකට එකතු කරගන්න.