කරවිල සහ බිත්තර තෙම්පරාදුවක් හදමු.

Yashodha Jayalath
November 15, 2020
${article.image}

කරවිල යනු සෞඛ්‍ය ප්‍රතිලාභ බොහොමයක් හිමි එළවළුවකි. නමුත් එහි ඇති තිත්ත රස නිසා බොහෝදෙනෙක් කරවිල ආහාරයට ගන්නට කැමති නැහැ. කරවිල පෙති කපා තෙලින් බැදගෙන සලාදයක් ලෙස කන්නට බොහෝ දෙනෙක් කැමතියි. නමුත් තෙලින් බදිනවිට කරවිල වල ගුණය තරමක් අඩුවනවා. මේනිසා කරවිලවල ගුණය සහ රසය යන දෙකම ගැන සිතා  කරවිල සෑදිය හැකි ක්‍රමයක් ගැන මා ඔබට කියාදෙන්නට සිතුවා. 

අවශ්‍ය ද්‍රව්‍ය: 

  • ලොකු කරවිල ගෙඩි 1ක් 

  • පෙති කපාගත් ලොකු ලුණු ගෙඩි භාගයක් 

  • සුදුලුනු බිකි 3ක් පමණ 

  • තක්කාලී ගෙඩි 1ක් 

  • අමු මිරිස් කරල් 2ක් කෑලි කපා 

  • කරපිංචා ඉත්තක් 

  • රම්පෙ කොලයක් 

  • මිරිස් කුඩු තේ හැන්දක් පමණ (කැමතිනම් කෑලි මිරිස් යොදාගන්නට පුළුවනි)

  • කහ කුඩු තේ හැඳි කාලක් පමණ 

  • බිත්තරයක් 

  • බැදපු තුනපහ තේ හැඳි බාගයක් පමණ 

  • කුරුඳු කුඩු ස්වල්පයක් 

  • පදමට ලුණු   

  • පොල් තෙල් හෝ බැදීමට ගන්නා තෙල් වර්ගයක් 

සාදන ක්‍රමය: 

පළමුව කරවිල ගෙඩිය හොදින් සෝදාගෙන කුඩා කෑලි වලට කපා ගන්න. කොටු හැඩයට කපාගත හැකිනම් වඩා සුදුසු වේ. එයට මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු, කුරුදු කුඩු ආදිය එකතු කොට හොදින් මිශ්‍ර කරන්න. තාච්චියක් ලිප තබා එයට තෙල් මේස හැන්දක් පමණ දමා තෙල් රත්වන විට එයට ළූණු, සුදු ළූණු, අමු මිරිස්, කරපිංචා සහ රම්පෙ දමා තෙම්පරාදුකරගන්න. (ඔබ එළවළු තෙම්පරාදු කරගන්නා විට නොන් ස්ටික් තාච්චියක් භාවිතා කරන්නේ නම් වැඩි තෙල් ප්‍රමාණයක් භාවිතා කිරීමට අවශ්‍යවන්නේ නැත.) එයට කෑලි කපාගත් තක්කාලි එකතුකරන්න.මෙයට කරවිල ටික එකතු කරගෙන පියනකින් වසා තෙලෙන් තැම්බෙන්නට දෙන්න. ඔබ කැමතිනම් මෙයට පොල් කිරි මේස හැඳි 2ක් හෝ වතුර මේස හැඳි 2ක් එකතුකරන්නට පුළුවනි.  කරවිල හොදින් තම්බීගෙන් එනවිට එයට ගසාගත් බිත්තරයක් එකතු කරන්න. මිශ්‍රණය හොදින් තැම්බුණු පසු ලිප නිවා  පදමට ලුණු එකතු කරන්න.