ලේසියෙන් ම සාදා ගත හැකි ඉඟුරු බියර්

ඉඟුරු සතු ඖෂදීය ගුණ පිලිබදව ඔබ දැනටමත් දන්නවා ඇති. පෙර දී ඒ පිලිබදව ලිපියක් ඉදිරිපත් කළා. අපි දැන් බලමු ඉඟුරු වල ඖෂදීය ගුණය හොදින් සහ ලේසියෙන් ලබාගත හැකි සරල පානයක් සකසා ගන්නේ කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය
- ලෙමන් ගෙඩි දෙකක් (ලෙමන් නැතිනම් දෙහි ගන්න)
- තරමක ඉඟුරු අලයක්(පොතු ගසා ගෙන පොඩි කර ගත් ඉඟුරු කෝප්පයක් පමණ)
- සෝඩා ජලය හෝ ජලය කෝප්ප 12ක්
- සිනි කෝප්ප ½ක් (ඔබ කැමති නම් සිනි කෝප්පයක් ගන්න ඊට වඩා වැඩි පුර ගන්න එපා) එසේ නොමැතිනම් මී පැණි ගන්න
- අයිස් කැට
මෙම ද්‍රව්‍ය දමා ඉඟුරු පානය සකසා ගත හැකි ආකාර දෙකක් තිබෙනවා.
පළමු ආකාරය නම් ඉඟුරු, සිනි සහ සාමන්‍ය ජලය භාජනයකට දමා ගෙන ලිපේ තබා තරමක ගින්දරේ උතුරුවා ගන්න. සිනි දියවන තුරු හොදින් හැදී ගාන්න. ලිපේ උෂ්ණත්වය අඩු කර ගෙන විනාඩි දහයක් පමණ මද ගින්නේ තම්බා ගන්න. පසුව ජෝගුවට පෙරා ගන්න. නිවෙන්නට හරින්න. නිවුණු පසු සෝඩා ජලය එකතු කර ගන්න. මින්ට් කොළ හෝලෙමන් යුෂ හෝ ලෙමන් පෙති එකතු කර ගෙන සරසා ගන්න. ice කැට දමා පිළිගන්වන්න.
දෙවැනි ක්‍රමයේදී පොතු හැර ගත් ඉඟුරු අලය හොදින් grate කර ගන්න. තුනී පිරිසිදු කපු රෙදි කැබල්ලක් ආධාරයෙන් ඉඟුරු ඉස්ම ලබා ගන්න (එක වීදුරුවක් සදහා තේ හැඳි එකක ඉස්ම ප්‍රමාණවත් වේ). වතුර හෝ සෝඩා වතුර වීදුරුවකට එම ඉඟුරු ඉස්ම හා ලෙමන් ඉස්ම සමහ සිනි (තේ හැඳි 1ක් ) හෝ මි පැණි එකතු කොට මිශ්‍ර කරන්න. අයිස් කැට සහ මිංචි කොලයක් හෝ දෙකක් එකතු කොට පිළිගන්වන්න.
මිට අමතරව ඇතැම් රටවල ඉඟුරු පැසවීමට ලක් කොට ඉඟුරු පානයක් සාදා ගන්නවා. එහි යම් තරමක් මධ්‍යසාරය අඩංගුය. නියම ඉඟුරු බියර් යනු ඒවා වේ. කෙසේ නමුත් වෙලදපොලේ ඇති ඉඟුරු බියර් වල මද්‍යසාරය අඩංගු නොවන අතර එහි සිනි ප්‍රමාණය ඉහලය. සිනි අඩුවෙන් අඩංගු වන ඉඟුරු පාන වර්ග තෝරා ගැනීමට සැලකිලිමත් වන්න. ඉහත විස්තර කෙරුණු ඉඟුරු පානය සකසා ගැනීමේදී කාබනිකෘත ජලය නොහොත් සෝඩා ජලය භාවිතා කළා. මෙම සෝඩා වල සිනි අඩංගු නොවන අතර එහි අඩංගු වන්නේ ජලය සහ එහි දිය වූ කාබන්ඩයොක්සයිඩ් වායුව වේ. සිනි භාවිතා කරන විට සිනි අඩුවෙන් යොදා ගැනීම සෞඛ්‍යට හිතකර වන අතර මී පැණි යොදා ගැනීම ඉතාම ගුණදායකයි. මී පැණි වල ගුණ පිලිබදව වෙනම ලිපියක් ඉදිරිපත් කොට ඇත. නමුත් මී පැණි භාවිතයේදී අපට හුරු රසයට වඩා වෙනස් රසක් ලැබේ.