බීට් රූට් සහ බිත්තර වලින් අච්චාරුවක් දා ගනිමු.

ඉතාම ගුණදායක එළවළුවක් වන බීට් රූට් පිලිබදව වෙනම ලිපියක් අපගේ වෙබ් පිටුවේ තිබෙනවා. එහි ඇති ගුණදායක බව නිසාම මේ වන විට බීට් යොදාගෙන විවිධ පාන වර්ග වෙළදපොලට හදුන්වා දී තිබෙනවා. ඇතැමුන් ආසාවෙන් ආහාරයට ගන්නා බීට් වලට තවත් අය අකමැති වන්නේ එහි පැණි රසැති බව නිසයි. ශ්‍රී ලාංකික අප බීට් ආහාරයට ගන්නේ ව්‍යංජනයක් ලෙසින් නිසා ටිකක් වෙනස් විදිහකට බීට් සකස් කරගන්න පුළුවන් විදිහක් ලෙස බීට් සහ බිත්තර අච්චාරුව හදුන්වන්න පුළුවනි
අවශ්‍ය ද්‍රව්‍ය
ලොකු බිත්තර 6ක්
කැබලි වලට කපා ගත ග්‍රෑම් 200ක පමණ බීට් අලයක්
විනාකිරි මිලිලීටර් 300ක්
අබ තේ හැඳි එකක්
පෙති ගසා ගත් ලුණු ගෙඩි දෙකක්
ගම්මිරිස් ඇට 8ක් පමණ (ගම්මිරිස් කුඩු ද වරදක් නැත)
සීනි මේස හැඳි 2ක්
සාදන ක්‍රමය :
බිත්තර හොදින් තම්බාගන්න. නිවෙන්නට තබා කටු ඉවත්කොට ජීවානුහරණය කරන ලද ලොකු විදුරු බෝතලයකට දමාගන්න.
සාස්පානක් ගෙන එයට බීට් කැබලි, විනාකිරි, අබ, ගම්මිරිස්, ලුණු, සීනි සහ ජලය මිලිලීටර් 100ක් පමණ දමා ගෙන සීනි දියවන තුරු රත් කරගන්න. මෙය උතුරන විට ලිපේ ගින්දර අඩු කොට විනාඩි පහක් මදගින්නේ පිස ගන්න.
පසුව මෙම මිශ්‍රණය කලින් බිත්තර දමා ගත් විදුරු බෝතලයට එකතු කරගන්න. හොදින් පියන වසා සීල් කොට නිවෙන්නට තබන්න. නිවුණු පසු ශීතකරණයේ තබන්න.
දින තුනකට පසු ආහාරයට ගත හැකිය. මෙය ශීතකරණය තුල සති 3නක් පමණ තබාගත හැකිය.