පෝෂණයෙන් පිරි බතල රොටී හදමු / Sweet potato Roti

Yashodha Jayalath
May 09, 2020
${article.image}

පැණි රසයකින් යුතු බතල වල ඉහළ පෝෂණ ගුණයක් ඇත. බතල වල විටමින් C සහ බීටා කැරොටින් බහුලව අඩංගු වනවා. බීටා කැරොටින් අප ශරීරය තුල දී විටමින් A බවට පත් වනවා. බතල වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර තන්තු වලින් ද පොහොසත් ය. කොලෙස්ටරෝල් අඩු කිරීමටත් ආහාර ජීර්ණ ක්‍රියාවලිය වේගවත් කිරීමටත් බතල අපට උපකාරී වනවා. බොහෝ විට අප බතල ආහාරයට ගන්නේ තම්බා ගෙන කට්ට සම්බෝලයක් හා පොල් සමගයි. මීට වඩා වෙනස් ආකාරයකට සහ පොඩි බඩගින්නකට පෝෂණීය ස්නැක් එකක් ලෙස ආහාරයට ගත හැකි බතල රොටි සාදන ආකාරය අද අපි ඉගෙන ගනිමු.

Sweet potatoes are sweet, starchy root vegetables that are grown worldwide. They come in a variety of sizes and colors, including orange, white, and purple and are rich in vitamins, minerals, antioxidants, and fiber.They provide a number of health benefits and are easy to add to your diet. As Sri Lankans we eat boiled sweet potatoes with Chile Sambola or Coconut Sambola. Sweet potato Roti is a different way to add this nutritious root to your diet. Let’s see how to make Sweet Potato Roti.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • තරමක බතල අලයක් හෝ දෙකක්
  • පාන් පිටි කෝප්පයක් (බතල අලයකට පාන් පිටි කෝප්ප 1ක් ප්‍රමාණවත් වේ.)
  • තල ඇට මේස හැන්දක්
  • ලුණු
  • රතු ලූනු/ ලොකු ලූනු හීනියට කපා ගන්න.
  • සිහින්ව කපා ගත් සුදු ලූනු බිකක් (අවශ්‍ය නම් පමණක්)
  • අමු මිරිස් කරල් 3ක් පමණ
  • කරපිංචා
  • කැමති තෙල් වර්ගයකින් තෙල් මේස හැන්දක්

Ingredients:

  • One or two sweet potato roots
  • One cup of wheat flour (one cup of wheat flour is enough for one root of sweet potato, if you take two sweet potatoes take two cups of wheat flour)
  • One table spoon of Sesame seeds
  • Sault as your taste
  • Onions (chopped/ sliced)
  • Chopped garlic (optional)
  • 2/3 Green Chiles
  • Curry leaves
  • One table spoon of oil

සාදන ක්‍රමය:

බතල අල හොදින් තම්බා ගන්න. පිරිසිදු තල ඇට කබලේ රන්වන් පැහැ වන තුරු බැද ගන්න. ලූනු, සුදු ලූනු, අමු මිරිස් සහ කරපිංචා තෙම්පරාදු කර ගන්න. දැන් භාජනයක් ගෙන පොතුහැර ගත් බතල දමා හොදින් පොඩි කර ගන්න. එයට පාන් පිටි සහ ලුණු ද බැද ගත් තල ඇට ද ලූනු තෙම්පරාදුව ද එකතු කොට ගෙන හොදින් මිශ්‍ර කරන්න. මෙම පිටි මිශ්‍රණයෙන් බෝල සදා ගෙන රොටි සදා ගන්න. මෙම රොටි නිකන්ම ආහාරයට ගන්නත් පුළුවනි. නැතිනම් කටට සැර කුකුල් මස් හෝ මාළු හෝ ඉස්සෝ ව්‍යංජනයක් සමග ආහාරයට ගන්න පුළුවනි.

First boil the sweet potatoes and peel them.  Roast the sesame seeds. Sauté the Onions, Garlic, Green Chile and Curry leaves. Place the peeled sweet potatoes in a bowl and add salt, smash them well. Add wheat flour, roasted sesame seeds and sautéed Onions into the smashed sweet potato and mix it well.  Make small balls out of the sweet potato dough and make Roti. You can eat them without any curry or you can eat them  with spicy  chicken/fish/prawn curry.