කොස් ඇට මෙතරම් ගුණදායක බව ඔබ දැන සිටියාද?

Yashodha Jayalath
April 14, 2020
${article.image}

ශ්‍රී ලංකාව ඇතුළු බොහොමයක් ආසියාතික රටවල කොස් දැකගත හැකිය. බොහෝ දෙනෙකු කොස් ගෙඩියේ මදුළු පිස ආහාරයට ගන්නට කැමතිය. විශේෂයෙන්ම මාංශ ආහාර අනුභව නොකරන පුද්ගලයන් කොස් මදුළු ආහාරයට ගන්න කැමතිය. එයට හේතු වන්නේ කොස් මදුළු මාංශ වලට ආදේශකයක් ලෙස ආහාරයට ගත හැකි වීමයි. කොස් මදුළු වලට අමතරව කොස් ඇට ද අප ආහාරයට ගනිමු. නමුත් කොස් ඇට විශාල ප්‍රමාණයක් අපතේ යන ආකාරය මා දැක ඇත. මෙම ලිපිය ලියන්නට මා අදහස් කලේ ද කොස් ඇට වල පෝෂණ ගුණය ගැන වඩා හොදින් ඔබට කියා දීමටත් කොස් ඇට ආහාරයට ගත හැකි ආකාර කිහිපයක් ගැන අවධානය යොමු කිරීමටත් ය. 

කොස් ඇට වල පෝෂක විශාල ප්‍රමාණයක් අන්තර්ගත වේ. විශේෂයෙන්ම පිෂ්ටය, ප්‍රෝටීන, විටමින්, ඛනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක මේ අතර වනවා. 

කොස් ඇට ග්‍රෑම් 28 ක පහත දැක්වෙන පරිදි පෝෂක අඩංගු වනවා. 

 

පෝෂකය 

ප්‍රමාණය 

ශක්තිය කැලරි වලින් 

53

කාබෝහ්යිඩ්රේට් 

11 ග්‍රෑම්

ප්‍රෝටීන් 

2 ග්‍රෑම්

මේදය 

තන්තු 

0.5 ග්‍රෑම්

රයිබෝෆ්ලවින් 

දිනකට අවශ්‍ය ප්‍රමාණයෙන් 8%ක්

තයමින් 

දිනකට අවශ්‍ය ප්‍රමාණයෙන් 5% ක් 

මැග්නීසියම් 

දිනකට අවශ්‍ය ප්‍රමාණයෙන් 5% ක්

පොස්ෆරස් 

දිනකට අවශ්‍ය ප්‍රමානයෙන් 4% ක් 

   

 

කොස් ඇට වල අඩංගු වන තන්තු සහ ප්‍රතිරෝධී පිෂ්ටය බඩගින්න පාලනය කර ගැනීමට උදව් වනවා. එසේම රුධිරගත සීනි ප්‍රමාණය අඩු කරගනීමට ද ආහාර ජීර්ණ කටයුත්ත හොදින් සිදුකර ගැනීමට ද ඉන්සියුලින් සංවේදීතාවය පවත්වා ගැනීමට ද දායක වනවා. 

පෝෂණ ගුණයට අමතරව කොස් ඇට සතුව ඖෂධිය ගුණයත්  පවතින බව ඔබ දන්නවා ද? 

කොස් ඇට වල ක්ෂුද්‍රජීවි නාශක ගුණයක් පවතින බැවින් සාම්ප්‍රදායික චීන වෙදකමේ දී  පාචනයෙන් මිදීමට භාවිතා වී තිබෙනවා. අධ්‍යයන මගින් ද ඒ බව සනාත කොට තිබෙනවා. ආහාර මගින් බෝවිය හැකි රෝග වැලක්වීමට අවශ්‍ය ඖෂධ කොස් ඇට භාවිතයෙන් නිපද විය හැකි බව මෙම අධ්‍යයන මගින්  පෙන්වා දී තිබෙනවා. එහි ප්‍රතිඵල දායක බව පිලිබදව තවදුරටත් පර්යේෂණ සිදුවෙමින් පවතින බව ද කිව යුතුය. 

තවත් අධ්‍යන කිහිපයක් මගින් කොස් ඇට සතුව පිළිකා නාශක ගුණයක් පවතින බවට යෝජනා වනවා. මෙයට ප්‍රධානම හේතුව වන්නේ කොස් ඇට සතුව පවතින අධික ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයයි. මෙම ප්‍රතිඔක්සිකාරක අතර ෆ්ලෙවෝනොයිඩ්ස්, සැපොනින්ස් සහ ෆෙනොලික්ස් තිබෙනවා. ප්‍රදාහක තත්ත්ව වලට සාර්ථකව  එරෙහි වීමටත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කිරීමටත් සහ DNA ප්‍රත්සංස්කරණය කිරීමටත් කොස් ඇට වල අඩංගු වන සංයෝග වලට හැකියාව තිබෙනවා. කෙසේ නමුත් කොස් ඇට වල පිළිකා නාශක ගුණය පිළිබදවද තවදුරත් පර්යේෂණ සිදු විය යුතුය. 

කොස් ඇට වල අඩංගු තන්තු ආහාර ජීර්ණය පහසු කිරීමට දායක වනවා මෙන්ම ප්‍රිබයෝට්ක් වර්ගයක් ලෙස ක්‍රියාකිරීම මගින් අන්ත්‍රික හිතකර බැක්ටීරියා වර්ධනයට සුදුසු මාධ්‍යක් සපයනවා.

කොස් ඇට වල තිබෙන තවත් ගුණයක් වන්නේ කොලෙස්ටෙරෝල් සදහා හිතකර දායකත්වයක් සැපයීමයි. මීයන් යොදාගෙන කරන ලද අධ්‍යයනකින් හෙලිවුණු පරිදි කොස් ඇට අඩුවෙන් ආහාරයට ගත් මීයන්ට වඩා වැඩි වශයෙන් කොස් ඇට ආහාරයට ගත මීයන් ගේ LDL කොලෙස්ටෙරෝල් මට්ටම අඩු වී තිබුණු අතර HDL කොලෙස්ටෙරෝල් වැඩි වී තිබුනා. 

කෙසේ වෙතත් විවිධ රෝග තත්වයන් සදහා  භාවිතා කරන ඖෂධ් සමග කොස් ඇට ආහාරයට ගැනීමෙන් අනතුරු දායක තත්වයන් ඇති විය හැකි බැවින් ඒ  පිලිබදව සැලකිලිමත් විය යුතුය. 

උදාහරණයකට ගත හොත් යම් අයෙකු ගන්නා ඖෂධ මගින් රුධිරය වහනය වීමක් ඇති කිරීමේ අවධානමක් තිබේ නම් ඔවුන් කොස් ඇට ආහාරයට නොගත යුතුය.  කොස් ඇට සම්බන්ධයෙන් කොස් ඇට නිස්සාරණයක් භාවිතා කොට සිදු කල අධ්‍යනයක දී සොයා ගත් පරිදි කොස් ඇට වලට රුධිරය කැටි ගැසීම ප්‍රමාද කිරීමේ හැකියාව තිබෙනවා. 

රුධිර වහනය ඇති කිරීමේ අවධානමක් ඇති ඖෂධ වර්ග ලෙස පහත සදහන් ඖෂධ  ඛාණ්ඩ ඉදිරිපත් කල හැකිය. 

  •  ඇස්ප්‍රින් 

  • රුධිරය කැටි නොගැසීම සදහා ලබා දෙන ඖෂධ (blood  thinners / anticoagulants )

  • රුධිර පට්ටිකා අඩු කිරීමට ලබා දෙන ඖෂධ (antiplatelets drugs)

  • ibuprofen or naproxen වැනි ස්ටෙරොයිඩ් නොවන ප්‍රති ප්‍රදාහක ඖෂධ වර්ග

කොස් ඇට අමුවෙන් ආහාරයට නොගත යුතු වන්නේ එහි පෝෂක නොවන සංයෝග වන  ට්‍රිප්සින් නිෂේධක සහ ටැනින් අඩංගු වන බැවිනි. මේවා මගින් පෝෂක අවශෝෂණයට සහ ආහාර  ජීර්ණයට බලපෑම් ඇතිකරයි ටැනින් යනු පොලිෆීනොල් වර්ගයකි. බොහෝ ශාක ආහාර වල ටැනින් අඩංගු වේ.  ටැනින් වලට ආහාර වල ඇති සින්ක් සහ යකඩ ආදී ඛනිජ ලවණ සමග බැදීමේ හැකියාව ඇත. එමගින් එම ඛනිජ ශරීරයට  අවශෝෂණය කරගත නොහැකි තත්වයට පත් කරයි. මේවා මළ සමග පසුව පිටවී යයි. ට්‍රිප්සින් යනු ආහාර ජීර්ණය සදහා වැදගත් වන එන්සයිමයකි. ට්‍රිප්සින් නිෂේධක මගින් ට්‍රිප්සින් වල ක්‍රියාකාරිත්වය අඩුකොට දමන නිසා ආහාර ජීර්ණය නිසි පරිදි සිදුනොවී ප්‍රෝටීන් අවශෝෂණයට බාධා ඇති කරයි. තාපය මගින් මෙම පෝෂක නොවන සංයෝග විනාශ වන නිසා කොස් ඇට ආහාරයට ගැනීමේ දී තැම්බීමට ලක්කිරීම, පිච්චීම හෝ කබලේ බැදීම කල යුතුය. 

කොස් ඇට ආහාරයට එක් කරගත හැකි ආකාර වන්නේ…

  • සලාද වලට තම්බන ලද / කබලේ බැදගත් කොස් ඇට  එකතු කර ගැනීම. 

  • තිත්බටු ව්‍යංජනය, කෙසෙල්මුව ව්‍යංජනය ආදිය සැකසීමේදී කොස් ඇට එකතුකරගැනීම. 

  • කොස් ඇට ව්‍යංජනයක් ලෙස සැකසීම.

  • කබලේ බැඳගත් කොස්ඇට අඹරා පිටි බවට පත් කොට රොටි, පාන් ආදී බේකරි සකස් කිරීමේ දී එකතු කර ගැනීම. 

  • කොස් ඇට පිටි කැඳ වර්ග සෑදීමේ දී එකතු කිරීම හෝ ස්මුදීස් සැදීමේ දී එකතු කර ගැනීම.

  • නිවසේ දී සදාගත් කොස් ඇට  බටර් භාවිතා කිරීම.

  • කොස් ඇට අග්ගලා ලෙස සැදීම.

  • බදින ලද හෝ පුච්චා ගත් කොස් ඇට ස්නැක් එකක් ලෙස ආහාරයට ගැනීම.

ආහාරය සදහා කොස් ඇට සකස් කර ගන්නා ආකාරය

  • ලොකු හට්ටියක් (pot) ජලයෙන් පුරවා ලුණු ස්වල්පයක් දමා කොස් ඇට ඊට දමා විනාඩි 20ක්- 30ක් තම්බා ගැනීම. කොස් ඇට මෘදු බවට පත් වූ විට වතුර ටික පෙරාහැර කොස් ඇට වෙන් කරගන්න 

  • කොස් ඇට රොස්ට් (roast) කර ගැනීම සදහා ෆ්රන්හයිට් අංශක 400 හෝ සෙල්සියස් අංශක 205 උෂ්ණත්වයට රත්කරගත් විදුලි උදුනක විනාඩි 20 ක් පමණ බේක් කරගන්න.