Garlic & Mushroom / සුදු ලුණු සහ බිම්මල් තෙම්පරාදුවක්

Both garlic and mushroom are considered as super foods. Mushroom is popular among vegetarians because it is tasty and contains vitamin D. You don’t find vitamin D in vegetables. Mushroom contains two types of fibers that are Beta glucans&Kitine which help us to lower the body weight and cholesterol level in your body. If you are looking for a different taste and low carb diet I recommend Garlic and Mushroom recipe for you. It is easy to make and delicious & pairs with anything as a side dish.
සුදු ලුණු සහ බිම්මල් යන දෙවර්ගයම පෝෂණ ලෝකයේ සුපිරි ආහාර ගණයට වැටෙනවා. බිම්මල් සහ සුදුලූනු යන දෙකම ශරීරයේ කොලෙස්ටරෝල් පහත හෙලීමට වැදගත් වනවා. නිර්මාංශ ආහාර වේලකට පුරුදුවුණු බොහෝ අයට ලෙහෙසියෙන් ලබා ගැනීමට අපහසු විටමිනය වන්නේ විටමින් D ය. එළවලු වර්ග වල විටමින් D අඩංගු නොවේ. බිම්මල් වල විටමින් D අඩංගු වේ. මේ නිසා නිර්මාංශ ආහාර ගන්නා අයට ඉතා සුදුසු ආහාරයකි බිම්මල්. බිම්මල් වල අඩංගු වන තන්තු සිරුරේ බර පාලනයට දායක වේ. බිම්මල් සහ සුදු ලුණු පිලිබදව වෙන වෙනම ලිපි දෙකක් අපගේ වෙබ් අඩවියෙන් ඔබට කියවීමට හැකිය. මෙහිදී ඔබට ඉදිරිපත් කරන්නේ සුදු ලුණු සහ බිම්මල් යන දෙකම එකට යොදාගෙන සාදාගන්නා රසවත් ආහාරයක් ගැනයි.
Ingredients
- 500 g Mushrooms (any type of mushroom)
- 4 tablespoons unsalted butter
- 3 or 4 cloves of Garlic minced
- 1 table spoon of chopped Herbs — coriander leaves/ curry leaves/ parsley/ oregano/ rosemary/ basil (anything)etc.
- ½ an Onion chopped
- 2 table spoons of White wine (optional)
- 1 tablespoon olive oil
- Salt and pepper to taste
Method
First lightly rinse the mushroom under cold water and dry with paper towel.
Avoid soaking mushrooms as they will absorb water like a sponge and won’t brown during cooking.
Heat the butter and oil in a large pan or skillet over medium heat.Sauté the onion until softened (about 3 minutes).Add the mushrooms and cook for about 4-5 minutes until golden and crispy on the edges.Pour in the wine and cook for 2 minutes, to reduce slightly. Add the herbs you’ve got and the garlic. Cook for a further 30 seconds, until fragrant. Season with salt and pepper to your taste.Sprinkle with remaining parsley or coriander leaves and serve warm.
අවශ්‍ය ද්‍රව්‍ය
- ඕනෑම වර්ගයක බිම්මල් ග්‍රෑම් 500ක්
- ඔලිව් තෙල් මේස හැඳි 1ක්
- කොත්තමල්ලි කොළ/ කරපිංචා කොළ/පාස්ලි ආදියෙන් කැමති කොළ වර්ගයක මේස හැඳි 1ක්
- කපාගත් ලොකු ලුණු ගෙඩි භාගයක් පමණ
- අඹරාගත් සුදු ලුණු බිකි 3ක් 4ක්
- බටර් මේස හැඳි 4ක්
- සුදු වයින් මේස හැඳි 2ක් (කැමතිනම්)
- ලුණු (පදමට)
- ගම්මිරිස් (පදමට)
සාදාගන්නා ආකාරය
පලමුව බිම්මල් පිරිසිදු කරගන්න. මෙහිදී නිවුණු වතුර භාවිතා කරන්න. පොගවා ගන්න එපා. වතුරෙන් පෙගවුණු විට හොදින් බැඳගැනීමට නොහැකි වනවා. බටර් සහ තෙල් සාස්පානකට දමා මධ්‍යම උෂ්ණත්වයේ රත් කර ගන්න. එයට කපාගත් ලුණු එකතු කොට විනාඩි 3ක් පමණ තෙම්පරාදු කරගන්න. මෙයට බිම්මල් එකතුකොට රන්වන් පැහැවන තුරු පිසගන්න. මෙයට වයින් ටික එකතු කොට තවත් විනාඩි 2ක් පමණ පිස ගන්න. දැන් කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ හෝ පාස්ලි කොළ ආදිය එකතු කරගන්න. තව ස්වල්ප වෙලාවක් පිස ගෙන ලුණු සහ ගම්මිරිස් එකතු කරගන්න. පාස්ලි කොළ හෝ කොත්තමල්ලි කොළ වලින් සරසා ගන්න. උනුවෙන්ම පිළිගන්වන්න.