කුරුඳු සහ මී පැණි

මිට පෙරත් මා ඔබට කුරුඳු සහ මි පැණි වල ගුණ පිලිබදව වෙන වෙනම ලිපි දෙකකින් කතා කළා. මෙම ලිපියෙන් මා ඔබට කියන්නට යන්නේ කුරුඳු සහ මි පැණි එකතු කොට භාවිතා කල හැකි ආකාර ගැනයි. ඉපැරණි ග්‍රන්ථ වල බොහෝ අවස්ථාවල දී මි පැණි හදුන්වා දී තිබෙන්නේ මිහිතලයේ ඇති පෝෂනියම ආහාරය ලෙසටයි. ඇතැම් පුරාවුර්ත වල මි පැණි යනු දෙවියන් ගේ ආහාරය ලෙසද හදුන්වා තිබෙනවා. මල් පැණි එකතුකොට ගැනීමෙන් මි මැස්සන් විසින් නිපදවනු ලබන මී පැණි වල ඖශධිය සංයෝග රාශියක් අඩංගු වනවා. එපමණක් නොව මි පැණි ලෙහෙසියෙන්ම ශරීරයට අවශෝෂණය වනවා. මී පැණි වල සුක්‍රෝස්, ග්ලුකෝස් හා ෆ්රක්ටෝස් සීනි වලට අමතරව එන්සයිම, ඇමයිනෝ අම්ල, සගන්ධ තෙල්, විටමින් B1/B2/B5/B6/C/E/K ආදියත් පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, පොස්ෆරස් ,මැග්නීසියම්, යකඩ, සින්ක්,අයඩින්, කොපර්, ක්‍රෝමියම් වැනි ඛනිජ ලවණ අඩංගු වනවා. අප පැණි රස ලබා ගැනීමට භාවිතා කරන උක් සීනි වල අඩංගු වන්නේ සුක්‍රෝස් පමණයි නේද?
කුළුබඩුවක් ලෙස ජනප්‍රිය කුරුදු සතුවද ඖශධිය වටිනා කම් රාශියක් පවතිනවා. ඈත අතිතයේදී ද අත් බෙහෙත් ලෙස කුරුදු සහ මී පැණි භාවිතා කොට තිබෙනවා. අපි දැන් බලමු කුරුඳු සහ මි පැණි භාවිතා කල හැකි ආකාර සහ එහි ප්‍රයෝජන පිලිබදව.
- කොලෙස්ටෙරෝල් පාලනය කරගැනීමට
type 2 දියවැඩියාවෙන් පෙළුණු පුද්ගලයින් යොදා ගෙන 2003 වර්ෂයේදී සිදුකරන ලද පර්යේෂණයකට අනුව දිනපතා කුරුඳු භාවිතය තුලින් රුධිරයේ සීනි ප්‍රමාණය මෙන්ම “නරක කොලෙස්ටෙරෝල් ” ලෙස හදුන්වන LDL කොලෙස්ටෙරෝල් අඩු කරන බව සොයා ගනු ලැබුවා. මෙම අධ්‍යනයේදී ඔවුන් ග්‍රෑම් 1-6ත් අතර ප්‍රමාණයක් කුරුඳු පරිබෝජනය කල අතර කොලෙස්ටෙරෝල් 18%කින් සහ රුධිරගත සීනි ප්‍රමාණය 22% කින් අඩු වී තිබෙනවා. මි පැණි මේස හැඳි 2ක් සහ කුරුඳු කුඩු මේස හැඳි 3ක් වතුර මිලිලීටර් 500ක දියකොට පානය කරන්න.
- මි පැණි සහ කුරුඳු කුඩු එකට මිශ්‍ර කොට පාන් මත තවරා ආහාරයට ගන්න. විශේෂයෙන්ම උදැසන ආහාරය සදහා මෙය ඉතා සුදුසුය. මෙමගින් ධමනි බිත්ති මත කොලෙස්ටෙරෝල් තැන්පත් වීම අඩු කරයි.
ආතරයිටිස් සදහා උණුසුම් වතුරට මි පැණි මේස හැඳි 2ක් සහ කුරුඳු මේස හැඳි 1ක් එකතු කරන්න. මෙම පානය දිනපතා භාවිතා කිරීමෙන් දීර්ඝ කාලීනව පවතින ආතරයිටිස් සුව කරගත හැකිය. මෙය දිනපතා භාවිතයේ දී සති දෙකකින් පමණ වේදනාව අඩුවන බව පැවසේ.
- ශිත කාලයේදී වැළදිය හැකි වෛරස් සහ බැක්ටීරියා ආසාදන වලින් වැළකීමට මද උණුසුම් වතුරට මි පැණි තේ හැන්දක් කුරුඳු තේ හැඳි කාලක් දිය කොට පානය කල හැකිය.
- සයිනසයිටීස් වැනි වේදනාකාරී ආසාදන වලින් වැළකීමට ද මි පැණි තේ හැන්දක් සමග කුරුඳු තේ හැඳි කාලක් භාවිතා කරන්න.
- මි පැණි උණු වතුරේ දිය කොට තනුක ද්‍රාවණයක් සාදා කුරුඳු කුඩු ස්වල්පයක් එකතු කොට මුඛ සේදුම් දියරයක් සදා ගත හැකිය.
- කුරුඳු කුඩු සහ මි පැණි වල ප්‍රති ඔක්සිකාරක ගුණය සතු නිසා සම පැහැපත් කිරීමට ද භාවිතා කරනු ලැබෙයි.