කුරුදු

ලෝකයේ අවධානය වැඩියෙන්ම දිනාගෙන ඇති කුළුබඩු වර්ග අතරින් දෙවනිස්ථානය ලැබෙන්නේ කුරුඳු වලටය. එහි ඇති සුවිශේෂී රසය සහ සුවද පමණක් නොව, කුරුඳු සතුව සෞඛ්‍ය ප්‍රතිලාභ ද බොහොමයක් පවතිනවා. ඈත අතීතයේ පටන් අපගේ මුතුන් මිත්තන් විවිධ සෞඛ්‍ය සම්බන්ධ කරණා සදහා කුරුඳු භාවිතා කොට තිබෙනවා. ස්වසන අබාධ, ප්‍රජනන ගැටළු, මුත්‍ර අබාධ වගේම දියවැඩියාව පාලනයට ද කුරුඳු භාවිතා කර ඇති බවට සාක්ෂි පැරණි පොත් පත් වල සදහන් වනවා. නුතන විද්‍යාඥයින් පර්යේෂණ වල නිරත වීමෙන් එහි විද්‍යාත්මක පසුබිම යම් තාක් දුරකට හෙළිකර ගෙන ඇති අතර තවමත් පර්යේෂණ සිදුවෙමින් ද පවතිනවා. ප්‍රධාන වශයෙන් කුරුඳු සතු ගුණ සතරක් පිලිබදව විද්‍යාඥයින්ගේ අවධානය යොමු වී තිබෙනවා. ඒවා නම්, දියවැඩියාව පාලනය කිරීමේ ගුණය, ප්‍රති ප්‍රදාහක ගුණය, ප්‍රති ඔක්සිකාරක ගුණය, බැක්ටීරියා නාශක ගුණය වේ.
විදේශීය අහාර අතර කුරුඳු අඩංගු අහාර බොහොමයක් තිබෙනවා. අද වෙළද පොලේ කුරුදු ආශ්‍රිත නව නිෂ්පාදන ද බොහොමයක් දකින්නට තිබෙනවා.
මුලික කුරුඳු ආකාර 4ක් අන්තර්ජාතික වෙළදපොලේ දක්නට තිබෙනවා. ඒ වා නම්, සිලෝන් කුරුඳු නොහොත් true cinnamon, ඉන්දුනීසියානු කුරුඳු, වියට්නාම් කුරුඳු, චීන කුරුඳු වේ. මේවා අතරින් ලෝකය පුරා බහුලව භාවිතා වන්නේ චීන කුරුඳු සහ සිලෝන් කුරුඳු ය. ලංකාවේ අපේ කුරුඳු සිලෝන් කුරුඳු වන අතර ඒ වා “සත්‍ය කුරුඳු” ලෙස හදුනා ගෙන තිබෙන්නේ ගුණාත්මක බවින් සහ වටිනාකමින්ද ඉහල නිසාය. සිලෝන් කුරුඳු ලා පැහැයකින් යුතු අතර, මෘදු ස්වභාවයකින් යුතුය. ස්ථර කිහිපයකින් ද යුතුය. චීන කුරුඳු හා අනෙකුත් කුරුදු තනි ස්ථරයකින් යුතු සහ ඝනකම් තද පැහැයකින් යුතු වේ.
ශ්‍රී ලංකාවේ කුරුඳු නිෂ්පාදන කිහිපයක් පහතින් දැක්වේ,
cinnamon bale form – Alba , C5 special, C 4, C 3 , M 5, M 4, H 1,H2 ,H3
cinnamon cut form – Alba , C5 special, C 4, C 3 , M 5, M 4, H 1,H2
cinnamon powder- super fine, medium
cinnamon චිප්ස්
virgin special - ඉහත සඳහන් කරන ලද ආකාරයට ලංකා කුරුඳු වල ස්ථර කිහිපයකින් යුතු බැවින් හා ලංකා කුරුඳු මිල අධික බැවින් වෙනත් බාල කුරුදු, කුරුදු පොත්තේ කුහර තුල ට ඇතුළු කොට ස්ථර කිහිපයක් ඇති සේ සකසා ලංකා කුරුඳු සේ අලවි කරන නිසා තත්වයෙන් උසස් කුරුඳු ලෙසට හඳුනා ගැනීමට ලංකා කුරුඳු වල මැද ස්තරය ඉවත් කොට කුහරයක් ලෙසට සකසා ඇති කුරුඳු virgin special ලෙස හඳුන්වයි.
කුරුඳු භාවිතා කොට ආහාර වර්ග රැසක් සාදනු ලබනවා. උදැසන අහාර වර්ග, කෙටි අහාර වර්ග, ස්නැක් වර්ග මෙන්ම සම්ප්‍රදායික අහාර වර්ග ද මේ අතර වනවා. කුරුඳු වලට විශේෂිත වූ රසය හා සුවඳ ලබා දෙන්නේ එහි අඩංගු “සිනමැල්ඩිහයිඩ්” සහ “ඉයුජිනොල් ” ආදී රසායනික සංයෝග මගිනි. මෙම සංයෝග වශ්පශීලි ස්වභාවයෙන් යුතුය. එමනිසා ඒවා වෙන්කර ගැනීම පහසු වේ. කුරුඳු ශාකයේ විවිධ කොටස් වල අඩංගු වන රසායනික සංයෝග වල ප්‍රතිශතය විවිධ ය. කුරුඳු ශාක කදෙහි වැඩිපුරම අන්තර්ගත වන්නේ “සින්මැල්ඩිහයිඩ්” වේ. කුරුඳු කොළ වල “ඉයුජිනොල්” ද කුරුඳු මුල් වල “කැම්ෆර්” ද කුරුඳු මල් සහ ගෙඩි වල “ට්‍රාන්ස් - සිනමයිල් ඇසිටේට්” ද වැඩි පුර අන්තර්ගත වේ.
කුරුඳු සතු ගුණ -
දියවැඩියා රෝගීන්ගේ, විශේෂයෙන් ම type 2 දියවැඩියා රෝගීන්ගේ රුධිරගත ග්ලුකෝස් ප්‍රමාණය අඩු කිරීමේ හැකියාවක් කුරුඳු සතු වන බව සොයාගෙන තිබෙනවා. type 2 දියවැඩියා රෝගීන්ගේ ශරීරය තුල ඉන්සියුලින් ප්‍රමාණවත් තරම් නිපදවුවද ඔහුගේ/ඇයගේ ශරීර ෛසල ඉන්සියුලින් වලට ප්‍රතිරෝධතාවක් දක්වනවා. කුරුඳු වල අඩංගු රසායනික සංයෝග ඉන්සියුලින් වල ක්‍රියාකාරිත්වයට සමාන ක්‍රියාකාරිත්වයක් ඇති කරනවා. ඒ නිසා ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිරෝධතවක් ඇති පුද්ගලයන් ගේ දියවැඩියාව පාලනය කිරීමට කුරුදු භාවිත කිරීම කෙරෙහි විද්‍යාඥයින් ගේ අවධානය යොමු වී තිබෙනවා.
එසේම රුධිරයේ කොලෙස්ටෙරෝල් මට්ටම අඩු කිරීමේ හැකියාවක් ද කුරුදු වලට ඇති බව පැවසෙනවා.
ඇල්ෂයිමර් රෝගයෙන් පීඩා විදින්නන්හට ද කුරුඳු මගින් තම රෝග තත්ත්වය පලනය කරගැනීමට හැකි බව ට කරුණු අනාවරණය වෙමින් පවතිනවා.
ප්‍රති - ප්‍රදාහක ගුණයෙන් යුතු කුරුඳු ඇදුම සහ රූමැටික් අතරයිටිස් ආදී රෝග වලින් පෙලෙන්නන්ට ද ගුණදායක බව නවතම සොයාගැනීම් අතර වනවා. කුරුඳු වල අඩංගු “සිනමැල්ඩිහයිඩ්” “ඉයුජිනොල්” හා “බෝනියෝල්” මගිනි ප්‍රති - ප්‍රදාහක ගුණය ඇති කරයි.
ප්‍රති- බැක්ටීරියා ගුණය නොහොත් බැක්ටීරියා නාශක ගුණයෙන් යුතු කුරුදු, අහාර පරිරක්ෂක ද්‍රව්‍යක් ලෙසද භාවිත කෙරේ. කුරුදු වල අඩංගු සිනමැල්ඩිහයිඩ් මගින් බැක්ටීරියා නාශක ගුණය ලබා දේ. Listeria sp යන බැක්ටීරියා විශේෂයත් E.coli විශේෂයත් පාලනය කිරීමට කුරුදුවලට හැකි බව සොයාගෙන ඇත.
කුරුඳු යනු ඉතා හොඳ ප්‍රති - ඔක්සිකාරකයකි . ඉයුජිනොල් සංයෝගය මගින් මෙම ගුණය කුරුදු වලට ලබා දේ. ප්‍රති - ඔක්සිකාරක මගින් ශරීරයේ සිදුවන පරිවෘත්තිය ක්‍රියා වල අතුරු ඵල ලෙස ඇතිවෙන නිදහස් මුක්ත ඛණ්ඩ විනාශ කරයි. නිදහස් මුක්ත ඛණ්ඩ ශරීරයේ විවිධ රෝග ඇති කරනු ලැබේ. පිලිකා සහ වයසට යාම කෙරෙහිද මුක්ත ඛණ්ඩ බලපානු ලැබෙයි. කුරුදු වල ප්‍රති-ඔක්සිකාරක ගුණය හේතු කොට ගෙන අහාර කර්මාන්තයේ දී මෙන්ම රූපලාවන්‍ය කර්මාන්තයේදී ද ඖෂධ කර්මාන්තයේදී ද කුරුදු භාවිතයට ගනු ලැබෙයි.
කුරුඳු අඩංගු අහාර නිෂ්පාදන -
- චොකොලට් (මෙක්සිකෝව)
- සිරියල්ස්, පාන් වර්ග සහ බේකරි නිෂ්පාදන (cinnamon රෝල්ස්, cinnamon buns - ඇමරිකාව)
- පලතුරු නිෂ්පාදන (cinnamon apple)
- පැණි රස සිරප් වර්ග (cinnamon – sugar mixture)
- අතුරුපස වර්ග
- turkish cushines – savory and sweet dishes
- අච්චාරු වර්ග
- cinnamon තේ (ලොව පුර දැන් ඇත)
- නත්තල සදහා විශේෂිත වූ බීම වර්ග
- සුප් වර්ග
- ඇතම් රටවල මද්‍යසාරිය පාන වර්ග රස ගැන්වීමටද කුරුදු යොදා ගනියි. (ෆයර් බෝල් cinnamon wiskey)