කෝමාරිකා; කාන්තාවන්ගේ ආරක්ෂකයා

Yashodha Jayalath
April 14, 2020
${article.image}

කෝමාරිකා; කාන්තාවන්ගේ ආරක්ෂකයා

කෝමාරිකා යනු ඖශධිය ගුණ රාශියකින් හෙබි ශාකයකි. විශේෂයෙන් ම කාන්තා රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමේ ගුණය කෝමාරිකා සතුවනවා. සංස්කෘත භාෂාවෙන් කෝමාරිකා හදුන්වන්නේ “කුමරි” යන නාමයෙනුයි. ඇත්තෙන්ම කෝමාරිකා ශාකය කාන්තාවන්ට කුමරියකට මෙන් සලකන බව නම් කිව හැකියි.  මෙම ලිපියෙන් මා ඉදිරිපත් කරන්නේ කෝමාරිකා ශාකයෙන් කාන්තා අපට ඇති ප්‍රයෝජන පිලිබදවයි.

කෝමාරිකා ශාකය යනු කෙටි කදක් සහිත දිගු, උල් වූ මාංශල පත්‍ර සහිත ශාකකයකි. එහි පත්‍ර සෙන්ටිමීටර 30 – 50ක් තරම් දිගු විය හැකිය. මෙම පත්‍ර තුල ඇති ජෙලි ආකාර කොටස එහි මදය ලෙස හදුනාගන්නා අතර එහි වැඩිපුර ජලය අඩංගු වේ. කෝමාරිකා වලට එහි ඖශධිය ගුණය ලබාදෙන සංයෝග වන විටමින්, ප්‍රතිඔක්සිකාරක, ඛනිජ සහ ඇමයිනෝ අම්ල ආදිය අඩංගු වන්නේ ද එහි මදයේය. 

පිළිකා නාශකයක් ලෙස

කාන්තාවන්ට වැළදෙන පියයුරු පිළිකා සහ ගැබ්ගෙල පිළිකා වලින් වැලකීම සදහා කෝමාරිකා යුෂ පානය කිරීම සුදුසුය. කෝමාරිකා මදයෙහි කිසිදු රසක් නැත. මේ නිසා අඹ, දෙහි, ලෙමන්, අන්නාසි ආදී රසවත් පලතුරු වර්ගයක යුෂ සමග මිශ්‍ර කොට පානය කරන්න. මෙසේ පලතුරු එක් කිරීමෙන් රසය පමණක් නොවේ පිළිකා වලට එරෙහිව ක්‍රියා කරන ප්‍රති ඔක්සි කාරක ද ඔබට ලබා ගැනීමට හැකිය. කෝමාරිකා සාරයට අපගේ ශරීරයේ විෂ නැසීමේ ගුණය ද තිබෙනවා. එසේම පියයුරු වල සහ ගර්භාශයේ ගැටිති ඇති වීම වැලක්වීමටත් ගර්භාෂය පිරිසිදු කිරීමටත් කෝමාරිකා වලට පුළුවනි.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීම සහ සරුබව වැඩි කර ගැනීමට

කෝමාරිකා මදය පානය කිරීම හෝ කෝමාරිකා මදය ආහාරයට ගැනීම මගින් ඔබගේ ප්‍රතිශක්තිකරන පද්ධතිය ශක්තිමත් වනවා. කෝමාරිකා මදයේ බැක්ටීරියා නාශක ගුණය පවතිනවා. එමගින් ඇතැම් ආසාදන වලින් අපව ආරක්ෂා කරනවා.එසේම දරුවන් අපෙශ්ක්ෂාවෙන් සිටින කාන්තාවන්ට අවශ්‍ය පෝෂණය ලබාදෙන අතර ගර්භාශයේ සෞඛ්‍ය සම්පන්න බව වැඩි කොට පිරිසිදු කොට ගර්භාෂයේ  රුධිර සංසරණය දියුණු කොට සරු භාවය වැඩි කිරීමට කෝමාරිකා  දායක වනවා.  අක්‍රමවත් අර්තව චක්‍රයක් ඇති  කාන්තාවන්ට හිස් බඩ  කෝමාරිකා මදය අනුභව කිරීමෙන් සාර්ථක ප්‍රතිපල ඇත් කරගන්නට පුළුවනි. කෝමාරිකා කැබැල්ලක් ඔබගේ ශීතකරණයේ තබාගන්න. එහි මදයෙන් මේස හැන්දක පමණ ප්‍රමාණයක් මි පැණි සමග උදැසන හිස් බඩ අනුභව කරන්න.

ලිංගික ප්‍රදේශ වල ඇතිවන වන දැවිල්ල සහ කැසීම වැළක්වීමට 

ලිංගික රෝග වලදී ඇතිවන කැසීම සහ දැවිල්ල නැති කර ගැනීමට කෝමාරිකා භාවිතා කරන්නට පුළුවනි. ඔබ ග්‍රීන් ටී පානය කරනවිට එය කෝමාරිකා මදය එකතු  කොට පානය කරන්න . ග්‍රීන් ටී සහ කෝමාරිකා එකතුව ලබාදෙන  ගුණය මගින් ලිංගික ප්‍රදේශ වල ඇතිවන කැසීම සහ දැවිල්ල වලක්වනවා. 

 පිළිස්සුම් සුවවීම ඉක්මන් කරයි.

සම මතුපිට ඇතිවන පිළිස්සුම් මෙන්ම හිරු එලියට සිදුවන පිළිස්සුම් ද සුව කිරීමට කෝමාරිකා අතීතයේ සිට භාවිතයට ගැනුනා.

මුඛයේ ඇතිවන තුවාල සුව කිරීමට ද එහි වේදනාත්මක බව අඩු කිරීමට ද කෝමාරිකා වලට හැකිය.

සමේ ඇතිවන රැලි වැටීම අඩු කිරීමට සහ සම පැහැපත් කිරීමට කෝමාරිකා භාවිතා කරනවා. එමගින් සමේ කොලජන් නම් තන්තු නිෂ්පාදනය වැඩි කොට සමේ ඇදෙන සුළු බව රැක දෙන බව එක පර්යේෂණයකින් සනාථ වුනා. එහිදී වයස අවුරුදු 45ක කාන්තාවන් 30 දෙනෙකු යොදාගෙන තිබෙන අතර දින 90ක් පුරා ඔවුන් සමේ කෝමාරිකා මදය තවරා ගෙන තිබෙනවා.

දියවැඩියාව පාලනය සදහා සම්ප්‍රදායික ඔසුවක් ලෙස ද කෝමාරිකා භාවිතා කොට තිබෙන බව ඔබ දන්නවාද? ඉන්සියුලින් සන්වේදිතාවය වැඩි කොට රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීම ට කෝමාරිකා අපට උදව් වනවා.

මේ තරම් ගුණයකින් සපිරි කෝමාරිකා කාන්තාවන්ගේ ආරක්ෂකයා ලෙස හැදින්වීම වරදක් නොවෙයි නේද?