ශාක සාර තෙල්

සුවද ප්‍රතිකාරය පිලිබදව හදුන්වා දීමේ ලිපියේ දී අපි ශාක සාර තෙල් පිලිබදව කතා කළා ඔබට මතක ඇති. මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ශාක සාර තෙල් වලින් අපට ලබා ගත හැකි ප්‍රයෝජන පිලිබදවයි.
ඈත අතීතයේ සිටම විවිධ සුවකිරීමේ කටයුතු වලදී ශාකසාර තෙල් වර්ග භාවිතා කරනු ලැබුවා. ශාක සාර තෙල් නිපදවන්නේ විවධ ශාක කොටස් වන ශාක පත්‍ර, මල්, මුල්, පොතු ආදිය ආසවනයට ලක්කිරිමෙනි. මේ නිසා ශාකසාර තෙල් වල සාන්ද්‍රණය අධිකය. කුඩා දුබුරු පැහැති කුප්පි වල මේවා දැකගැනීමට හැකිය. වාශ්පශීලි බැවින්ද වැඩිය. ශාකසාර තෙල් වර්ග සුව කිරීමේ කටයුතු වලදී වැඩි පුර භාවිතා කරන්නේ විදේශිකයින් ය. ශ්‍රී ලංකික අප ශාකසාර තෙල් භාවිත කිරීම අඩු නිසා මෙහි විස්තර කෙරෙන තෙල් වර්ග එහි ඉංග්‍රීසි නමින්ම හදුන්වා දීමට මා බලාපොරොත්තුවනවා. අප මෙම “ශාක සාර තෙල්” වැඩිපුර භාවිතා නොකලත් මෙහි සදහන් වන බොහෝ ද්‍රව්‍ය එදිනෙදා ජීවිතයේදී කුඩා අසනීප තත්ත්ව වලදී අපගේ වැඩිහිටියන්ගේ අනු දැනුම මත (අත් බෙහෙත් ලෙස) අප විසින් භාවිතා කරන බව ඔබට මෙම ලිපිය කියවීමේදී වැටහෙනු ඇත.
ශාක සාර තෙල් වල ගුණාංග
- හෝමෝන සමතුලිත කිරීම
කෝටිසෝල්, ඊස්ට්‍රජන්, ප්රජෙස්ටෙරෝන්, තයිරොයිඩ් සහ ටෙස්ටිස්ටේරෝන් යන හෝමෝන සමතුලිත කිරීම සදහා වැදගත් වන ශාක සාර තෙල් තිබෙනවා. තිම්/තයිම්, ජෙරනියම් සහ ක්ලාරි සේජ් (clary sage) වැනි තෙල් වර්ග වලට ප්රජෙස්ටෙරෝන් සහ ඊස්ට්රජෙන් මට්ටම සමතුලිත කිරීමේ හැකියාව පවතිනවා. මේ මගින් මද සරු භාවයට සහ ඔසප් අක්‍රමතා වලට පිළියම් ලෙස භාවිතා කල හැකිය. පුරුෂයින්ගේ ටෙස්ටිස්ටෙරෝන් හොමනය වැඩි කිරීමේ හැකියාවෙන්ද යුතු බව පැවසෙනවා.
එසේම ආතතිය හා බැදී පවතින කොටිසොල් හොමනය අඩු කිරිමටද භාවවිතා කරන නිසා මනෝභාවය යහපත් කර ගැනීමට (mood fix) ශාක සාර තෙල් භාවිතා කල හැකිය.
- ප්‍රතිශක්තිකරන පද්ධතිය ඉහල නංවා ගැනීමට සහ ආසාදනවලින් මිදීම
බොහෝ ශාක සාර තෙල් වල ප්‍රති ප්‍රදාහක ගුණය සහ බැක්ටීරියා ,වෛරස් සහ දිලිර නාශක ගුනයෙන් යුතු ටර්පීන, එස්ටර, ෆීනොල්ස්, ඊතර සහ කීටෝන අඩංගු වනවා. මේ නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණය දියුණු කොට ආසාදන රෝග වලින් වැළකීම සදහා ශාක සාර තෙල් භාවිතා කල හැකිය. ඔරිගානෝ, ඉඟුරු, ලෙමන්, යුකැලිප්ටස්, පෙපර්මින්ට්, frankincense සහ කුරුදු ආදී තෙල් වර්ග ප්‍රයෝජනවත් වනවා. අද වන විට ප්‍රති ජිවක ඖෂධ සම්බන්ධයෙන් විශාල ගැටලුවක් ඇතිවී ඇත්තේ ක්ෂුද්‍ර ජීවින් මෙම ප්‍රති ජිවක වලට ප්‍රතිරෝධී වන්නට පටන් ගෙන සිටීමයි. ශාක සාර තෙල් වල ක්ෂුද්රජීවී නාශක ගුණය පිලිබදව පර්යේෂණ මගින් සොයා ගැනීමත් සමග බෝවන රෝග මැඩ පැවැත්වීමට ශාක සාර තෙල් භාවිතා කරන්නට බටහිර වෛද්‍යය වරුන්ගේ අවධානය යොමු ව ඇත.
උදාහරණයක් ලෙස ඔරිගානෝ තෙල් වල ඇති ප්‍රති බැක්ටීරියා සහ ප්‍රති වෛරස් ගුණය රසායනාගාර පර්යේෂණ වලින් ඔප්පු කොට ඇත. මෙහි අඩංගු වන තයිමෝල් සහ carvacrol යන සංයෝග දෙක බැක්ටීරියා නාශක ගුණය ලබා දෙයි.
- ආහාර ජීර්ණය පහසු කරයි
පර්යේෂණ මගින් සනාථ කොට ඇති ශාක සාර වල තවත් එක් ප්‍රයෝජනයක් වන්නේ එමගින් ආහාර ජීර්ණය පහසු කිරීමට හැකි වීමයි. ආහාර ජීර්ණය කෙරෙහි බලපානු ලබන එන්සයිම ශ්‍රාවය වීම උත්තේජනය කිරීමටත් එමගින් ආහාරවල ඇති ප්‍රෝටීන සහ මේදය ආදී පෝෂක පහසුවෙන් ජීර්ණය කොට අවශෝෂණය හොදින් සිදු කිරීමටත් ශාක සාර තෙල් උපයෝගී කර ගත හැකිය. මෙයට හොඳම ශාක සාරය වන්නේ ඉඟුරු තෙලයි. වාතය පිරිම, ඔක්කාරය සහ බඩ කැක්කුම වැනි තත්වයන්ට සහනය ගෙන දීමට ඉඟුරු තෙල් භාවිතා කල හැකිය. පෙපර්මින්ට් ද ඉතා හොඳ තෙලකි. iritable bowel syndrome නොහොත් IBS ලෙස හදුන්වන රෝග තත්වයට සහනය ගෙන දීමට පෙපර්මින්ට් තෙල් භාවිතා කල හැකි බව පර්යේෂණ වලින් සනාථ කොට තිබෙනවා. මිට අමතරව මහදුරු තෙල් (fennel), සේර තෙල් (lemongrass),ගම්මිරිස් තෙල් සහ ජුනිපර් ලෙස හදුන්වන ශාකයේ තෙල් ආහාර ජීර්ණය පහසු කිරීමට යොදා ගත හැකිය.
- ශරීර ශක්තිය වැඩි කිරීම
ක්‍රීඩා වල යෙදෙන්නන්ට සහ අනෙකුත් පුද්ගලයන්ට ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමට ද ශාක සාර තෙල් භාවිතා කල හැකිය. ඇතැම් තෙල් මගින් මොලයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි කිරීමට හැකි නිසා අවධානය පවත්වා ගැනීමට සහ මානසික එකාග්රතාවයත් ප්‍රාණවත් භාවයක් ඇති කර ගැනීමටත් උපකාරී කර ගත හැකිය.
International Society of Sports Nutrition ජ’නලයේ පළවූ වාර්තාවකට අනුව පෙපර්මින්ට් තෙල් ජලය සමග දින දහයක් භාවිතා කල පුරුෂ ක්‍රීඩකයින්ගේ මොලයේ ඔක්සිජන් සාන්ද්‍රණය සහ ව්‍යායාම කිරීමේ හැකියාව වර්ධනය වී ඇති අතර (දින දහය ඇතුලත) මහන්සි දැනීමද අඩු වී තිබුණි.
මෙහි දී නිරෝගී පුරුෂ සිසුන් 12ස් දෙනෙකුට දිනකට 500 ml වතුර සමහ 0.05 ml පෙපර්මින්ට් තෙල් මිශ්‍ර කල බෝතලයක් බැගින් භාවිතා කරන්නට ලබා දී තිබු අතර පාදයෙන් සිදු කරන ව්‍යායාමයක් සිදු කිරීමට සලස් වා ඇත. රුධිර පීඩනය, හර්ධ ස්පන්දන වේගය, forced vital capacity (FVC), peak expiratory flow rate (PEF), and peak inspiratory flow (PIF) ආදී spyrometry පරාමිතික නිර්ණය කොට ඇත.
යුකැලිප්ටස්, රෝස්මරි සහ සේර ආදියද මේ සදහා යෝග්‍ය වේ.
- මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම
පර්යේෂකයින් සොයා ගෙන ඇති ආකාරයට ශාක සාර තෙල් වල ප්‍රති ඔක්සි කාරක බොහෝ සෙයින් අඩංගු වන නිසා නිදහස් මුක්ත කන්ඩ විනාශ කිරීමේ හැකියාව ඒවාට තිබෙන බැවින් ප්‍රදාහය අඩු කිරීමටත් මොලයේ ක්‍රියාකාරිත්වය දියුණු කිරීමටත් උපකාරී වේ.
- ආතතිය සහ කාන්සාව අඩු කිරීම
සුවද ප්‍රතිකාරය මගින් ආතතිය සහ කාංසාව අඩු කර ගැනීමට ශාක සාර තෙල් භාවිතා කරයි. මේ සදහා ගැලපෙන තෙල් වර්ග වන්නේ ලවැන්ඩර් තෙල්, කැමොමයිල් තෙල්, ylang-ylang, දොඩම් සහ රෝස තෙල් ආදියයි.
- වේදනා නාශකයක් ලෙස ක්‍රියා කිරීම
බොහෝ ශාකසාර තෙල් වර්ග වේදනා නාශක ලෙස භාවිතා කරන අතර වේදනාව ඇති ස්ථානයේ අලේප කොට සම්බාහනය කිරීමෙන් වේදනාව තුරන් කර ගත හැකිය. මේ සදහා ලවැන්ඩර්, යුකැලිප්ටස්, තයිම්, රෝස්මරි, ඉඟුරු සහ කමොමයිල් තෙල් බාවිතා කල හැකිය.
- සම සහ හිස කෙස් සදහා
කුරුලෑ ඉවත් කිරීමට සහ සම පැහැපත් කර ගැනීමටත් හිස කෙස් වැඩිම වර්ධනය කර ගැනීමටත් ශාක සාර භාවිතා කල හැකිය.
- සැපවත් නින්දක් ලබා ගැනීමට උපකාරී වේ.
ඉහත ලිපියෙන් ඉදිරිපත් කරනු ලැබුවේ ශාක සාර තෙල් සතු ඖෂධිය ගුණය පිලිබදවයි. ඒවා භාවිතා කරන ආකාරය තවත් ලිපියකින් ඉදිරිපත් කොට ඇත. සුළු අසනිප තත්ව වලදී අත් බෙහෙත් ලෙස භාවිතා කිරීමටත් මානසික සහනය ලබා ගැනීමටත් රුපලාවන්‍ය කටයුතු වලදීත් හැර බරපතල අසනීප තත්වයන් හිදී ශාක සාර තෙල් බාවිතා කිරීමට පෙර වෛද්‍යය උපදෙස් අනුව කටයුතු කරන්න. එසේම ශාක සාර තෙල් කෙලින්ම සම මතුපිට ගල් වන්න එපා. මේ සදහා පොල්තෙල් හෝ සුවද නොකැවූ බොඩි ලෝෂන් වර්ගයක් භාවිතා කරන්න. එසේම අසාත්මිකතා පරික්ෂාව උදෙසා කුඩා ප්‍රමාණයක් සමේ එක කුඩා කොටසක ගලවා බලන්නත් අමතක කරන්න එපා. ශාක සාර තෙල් ගල්වා ගෙන හිරු එලියට නිරාවරණය වීම ද නොකළ යුතුය. කුඩා දරුවන් සහ ගැබිණි මව්වරුන් සහ කිරිදෙන මව්වරුන් ශාක සාර තෙල් භාවිතයට පෙර වෛද්‍යය උපදෙස් ලබා ගත යුතුය.