පිළිකා කාරකයක් වන Aflatoxin ගැන දැනුවත් වෙමු!

Yashodha Jayalath
July 26, 2020
${article.image}

මොනවද මේ Aflatoxin?

ඇෆ්ලටෝක්සින් යනු බඩ ඉරිඟු, රටකජු, ලූණු සහ මිරිස්  වැනි කෘෂි භෝග වර්ග වල වැඩෙන  දිලීර මගින්  නිපදවන විෂ (ධුලකයකි)වර්ගයකි. Aspergillus flavus සහ Aspergillus parasiticus යන දිලිර වර්ග දෙක මගින් නිපදවනු ලබන මෙම විෂ සහිත සංයෝගය පිළිකා කාරකයක් ලෙස හදුනා ගෙන තිබෙනවා.  උෂ්ණත්වයෙන් සහ තෙතමනයෙන් වැඩි පරිසර තත්වයන් තුලදී පසෙහි මෙන්ම දිරාපත්වන ආහාර වල, කොළ රොඩු වල මෙම දිලිර හොදින් වර්ධනය වනවා. එනිසා ආහාර බෝග වගාවේදී මෙන්ම අස්වැන්න නෙලීමේදී සහ ආහාර ගබඩා කොට තැබීමේදී ආහාර වලට එකතු වීමේ හැකියාව එයට තිබෙනවා. ඇෆ්ලටෝක්සින් වර්ග 13ක් මේ වන විට පර්යේෂකයින් සොයාගෙන ඇති අතර මින් aflatoxin B1 යන ආකාරය අහිතකර බවින් ඉතා වැඩි බව සැලකෙනවා. එයට් හේතුව වන්නේ පිළිකා සහ අක්මාවේ රෝග, ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග ආදිය ඇති කිරීමට aflatoxin B1ට ඇති හැකියාවයි. අප්‍රිකාවේ සහ චීනය වැනි රටවල් වල hepatocellular carcinoma යන අක්මා රෝගය ඇති වීමට ප්‍රධනම හේතුවක් වී ඇත්තේ ආහාර මගින් ඇෆ්ලටෝක්සින් ශරිරගත වීමයි.

Aspergillus flavus යනු අවස්ථාවා දී ශාක ව්‍යාදීජනකයෙකි. (ශාක වලට රෝග ඇති කරන්නෙකි) ඔවුන්ගේ පරිවුර්ත්ය ක්‍රියාවන් වලදී aflatoxin නිපදවයි. බඩඉරිගු, රට කජු ආදී ආහාර වල වැඩිපුර ඇතිවිය හැකි වුවද ඔවුන්ගේ වැඩිමට අවශ්‍ය තත්ත්ව පවතී නම් ඕනෑම ගබඩා කොට ඇති වියලි ආහාරයක වර්ධනය විය හැකිය.

ඇෆ්ලටොක්සින් ශරීරගත විය හැකි ආකාර මොනවා ද?

දූෂිත ශාක නිෂ්පාදන සහ ඇෆ්ලටෝක්සින් අඩංගු ආහාර අනුබව කල සතුන් ගේ කිරි සහ මස් ආහාරයට ගැනීම තුලින් මිනිසුන් මෙම විෂ සහිත සංයෝගයට නිරාවරණය වනවා. දූෂිත භෝග හා එමගින් සත්තව ආහාර සැකසීමේදී  එහිදී නිකුත් වන දුවිලි ආශ්වාසයෙන් ද ගොවීන් හා අනෙකුත් කෘෂි කම්කරුවන් ඇෆ්ලටෝක්සින් වලට නිරාවරණය වීම සිදුවනවා.

විවිධ වර්ග වල මයිකොටොක්සින් වර්ග නිපදවන  දිලීර වර්ග කීපයක් පවතී. නමුත් මේ අතරින් ඇෆ්ලටොක්සින් වැඩි අවධානයක් දිනා සිටින්නේ විද්‍යාත්මක සාක්ෂි මගින් එහි ඇති අහිතකර බව ඔප්පු කොට ඇති නිසයි. ඕනෑම ආහාරයකට එකතු වී ඇති ඇෆ්ලටෝක්සින් ප්‍රමාණය එම ආහාරය නිපද වූ ආකාරය සහ  භූගෝලීය පිහිටීම සමඟ වෙනස් වේ.

ඇෆ්ලටෝක්සින් වලින් ඇතිවිය හැකි බලපෑම් කිහිපයක් වන්නේ,

  • හර්ධයට බලපෑ හැකි ප්‍රදහමය තත්ත්ව
  • වර්ධනය සහ සංවර්ධනය අඩාල වීම
  • ආහාර අසාත්මිකතාවය
  • ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග වලට ලක් වීම
  • වකුගඩු සහ අක්මාවට ඇතිවන හානිකර තත්ත්ව
  • අක්මාවේ පිළිකා ඇතිවීම

Aflatoxin හමු විය හැකි ආහාර වර්ග (A. flavus නම් දිලිරයෙන් දුෂිත ආහාරවල අඩංගු වේ, ස්වභාවිකව මෙම විශ පිරිසිදු  ආහාරවල ඇති නොවේ. )

  • බඩඉරිගු
  • රටකජු
  • වියලි කුළුබඩු වර්ග
  • කිරි සහ චීස්
  • ඇට වර්ග

ආහාර පිසීමේ දී Aflatoxin නම් විෂ වර්ගය විනාශ නොවෙයි.  කොරියාවේ Dongguk සරසවියේ ආහාර විද්‍යාව සහ ජෛව තාක්ෂන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පර්යේෂණ වලට අනුව සෝයා බෝංචි ඇට පැසවීමට ලක්කිරීම (fermentation), අංකුර ඇතිවීමට  ලක්කිරීම  සහ පෙගවීම තුලින්  aflatoxin ප්‍රමාණය අඩු කර ගත හැකි බව පෙන්වා දෙනු ලැබුවා. ඉතා ඉහල උෂ්ණත්ව වලදී (100°C-150°C) aflatoxin විනාශ වුවද එම උෂ්ණත්ව වලදී ආහාර වල පෝෂණ ගුණය සහ විටමින් විනාශ වන නිසා එය පලක් නොවන බවත් පෙන්වා දී තිබෙනවා. 2015 දී International Journal of Food Microbiology හි පල කරන ලද පර්යේෂණයකින් ද ධාන්‍ය සහ ඇට වර්ග පෙගවීම, පැසවීම සහ අංකුර ඇතිවීමට  ලක් කිරීම තුලින් aflatoxin ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වන බව දක්වා තිබුනා. ලැක්ටික් අම්ල බැක්ටීරියාවන් අනෙකුත් හිතකර බැක්ටීරියා මගින් දිලිර වර්ධනය අඩු කරන නිසා නිපදවන aflatoxin ප්‍රමාණයද සිමා වනවා.

Aflatoxin වලට නිරාවරණය වීම අඩු කර ගත හැක්කේ කෙසේද?

  • පුස් අල්ලා ඇති වියලි මිරිස් සහ අනෙකුත් කුළු බඩු වර්ග, ඇට වර්ග, ධාන්‍ය ආදිය ආහාරයට නොගන්න.
  • නැවුම් ආහාර මිලදී ගන්න සැලකිලිමත් වන්න. විශේෂයෙන් තමන්ට ලග ස්ථානයක වගා කරන ලද හෝ නිෂ්පාදනය කරන ලද ආහාර/නිෂ්පාදන මිලදී ගන්න.
  • ඈත ප්‍රදේශවලින් සහ විදේශයන්ගෙන් ගෙනෙන ආහාර වර්ග හැකි තාක් අඩු කරන්න.
  • නිවසේ දී ආහාර ගබඩා කිරීමේ දී තෙතමනයෙන් තොරව සිසිල්, වියලි බදුන්වල හොදින් ආවරණය කොට තබන්න.
  • කුළු බඩු ආදිය මිලදී ගැනීමෙන් දී ප්‍රමිතිය සහතික කොට ඇති විශ්වසනීය වර්ගයකින් (සන්නාමයක් යටතේ ) මිලදී ගන්න.
  • ඇට වර්ග, ධාන්‍ය වර්ග දිගු කල් තබා ගැනීමෙන් වලකින්න. මාසයක් දෙකක් ඇතුලත පාවිච්චියට ගන්න.
  • ශරීරයේ විෂ හරණය කල හැකි ආහාර වර්ග ආහරයට ගැනීම වැඩි කරන්න.