ඔබගේ මුහුණින් පෙන්වන විටමින් ඌනථා ලක්ෂණ කිහිපයක්
Yashodha Jayalath
June 13, 2021

අපගේ ආහාර වේලේ වැදගත් තැනක් විටමින් වලට ලැබෙනවා. විටමින් මගින් අප ශරීරයට ශක්තිය නොලැබුනද ශරීරයේ වර්ධනයට සහ නිවැරදි ක්‍රියාකාරිත්වයට විටමින් අත්‍යවශ්‍ය වනවා. මේ අතරින් ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය, අස්ථි ශක්තිමත් කිරීම සහ තුවාල සුව වීම ආදිය උදාහරණ ලෙස දක්වන්නට පුළුවනි. බොහෝ විට අප විටමින් ලබා ගන්නේ ආහාර මගිනි. එසේම ආහාර අතිරේක ලෙසත් විටමින් ලබාගැනීමේ හැකියාව පවතිනවා. ප්‍රමාණවත් පරිදි විටමින් ලබා නොගැනීම අලස බව ඇතිකිරීමටත්, නිතර නිතර අසනීප වීමටත් මෙන්ම ඇතැම් විට බරපතල රෝග තත්වයන් ඇති කිරීමටත් හේතු වන්නට පුළුවනි. විටමින් ඌනථා වල ඇතැම් ලක්ෂණ මුහුණින් හදුනා ගත හැකිය.
- පිම්බුණු ඇස් : ප්‍රමාණවත් පරිදි ශරීරයට අයඩින් නොලැබෙන විට දී උදැසන අවදි වන විට ඉදිමුණු නැතහොත් පිම්බුණු ඇස් සමගින් ඔබ අවදි වේවි. අයඩින් ඌනතාවය සහ තයිරොයිඩ් ග්‍රන්තියේ ක්‍රියාකාරිත්වය අතර සම්භාන්ධතාවය පිලිබදව ඔබ දැනටමත් දන්නවා ඇති. තයිරොයිඩ් ග්‍රන්තියේ ක්‍රියාකාරිත්වය අඩු වීමේ ලක්ෂණ අතර අධික වෙහෙස, තෙහෙට්ටුව, සහ ඉදිමුනු ඇස් ආදියත් නියපොතු කැඩී යාම, වියලි සම සහ බර වැඩි වීම ආදිය වේ. ස්ට්‍රෝබෙරි , අර්තාපල් අල,යෝගට් සහ කිරි ආහාර, ඉස්සෝ, බිත්තර, බල මාළුසහ මෝර මාළු අයඩින් අඩංගු ආහාර වන අතර අප රටේ ආහාර පිසීමට භාවිතා කරන ලුණු වල අයඩින් අඩංගු කොට ඇත. එනමුත් අයඩින් යනු ඉතා අස්ථායි සහ ඉක්මනින් විනාශ වන දෙයක් නිසා ආහාර පිසීමෙන් අනතුරුව ආහාර තරමක් නිවුණු පසු එකතු කල යුතු දෙයකි. (අයඩින් හිරු එළියේදී පවා විනාශ වේ) ආහාර පිසිමෙන් පසුව ලුණු එකතු කිරීමෙන් ආහාර වල රසය අඩු වේ යයි ඔබට සිතේ නම් අමුවෙන් ගන්නා ආහාර වලට (සලාද, සම්බෝල ආදිය)අයඩින් සහිත ලුණු එකතු කොට දිනපතා ආහාරයට එකතු කරගත හැකිය.
- සුදු මැලි තොල්: මහන්සිය, කරකැවිල්ල, සුදු මැලි වීම සහ හතිය මගින් පෙන්වන්නේ ඔබගේ ශරීරය යකඩ ඌනතාවයෙන් පෙලෙන බවයි. මෙය රක්තහීනතාවය ලෙසද හදුන්වයි. රක්තහීනතාවය නිසාද ඉක්මනින් අසනිප තත්වවලට ගොදුරු වීම සිදුවන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම නිසයි. කාන්තාවන්ගේ මාසික ඔසප් වීම අධිකව සිදුවන විට දී ද ශරීරයේ යකඩ ප්‍රමාණය අඩුවීම සිදුවිය හැකිය. පලා වර්ග නිතරම ආහාරයට ගැනීම, කඩල සහ කව්පි වැනි ධාන්‍ය ආහාරයට ගැනීම, මාංශ සහ මුහුදු ආහාරත් තිලාපියා වැනි මිරිදිය මාළු ආදිය ආහාරයට ගැනීමෙන් ශරීරයට යකඩ ලබා ගත හැකිය.
- වියලි කොණ්ඩය : කල් පවතින හිස්සොරි තත්ත්වය සහ වියලි හිසකේ මගින් විටමින් B7 හෙවත් බයෝටින් ඌනතාවය පිලිබදව ඔබට දැනුම් දෙනවා වෙන්නට පුළුවනි. ඉතා තුනී කොණ්ඩය සහ නියපොතු කැඩී යාමත් බයෝටින් ඌනතාවයේ ලක්ෂණ වේ. බයෝටින් අතිරේක වෙළද පොලේ සුලබව අද දක්නට ඇත. මෙමගින් හිස කෙස් වල ගුණාත්මක බාවය නැවත ලබා ගත හැකිය. බයෝටින් අඩංගු ආහාර ලෙස බිත්තර, පීකුදු, අලිගැට පේර, බතල, ආමන්ඩ්, බිම්මල්,ධාන්‍ය සහ ඇට වර්ග සදහන් කල හැකිය.
- සුදු මැලි සම: සුදු මැලි වූ සම ඌනතාවයන් කිහිපයක් සමග සම්බන්ධ වනවා. නමුත් සුදු මැලි සම සමග සුදු මැලි වූ මෘදු දිව මගින් පෙන්වන්නේ ඔබගේ ශරීරයට විටමින් B 12 ඌන වී ඇති බවයි. මොලයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයටත් රතු රුධිරානු නිපද වීමටත් විටමින් B12 අවශ්‍ය වේ. විටමින් B12 අඩංගු ආහාර අතිරේක තිබුනත් සැමන් (සැමන් ටින් නොවේ, මෙහි සදහන් කරන්නේ සැමන් නමැති මාළුවා ගැනයි), මාංශ, බිත්තර, කිරි ආහාර, ස්විස් චීස්, යෝගට් ආදියේ විටමින් 12 අඩංගු වේ.
- විදුරු මහෙන් ලේ ගැලීම: දත් මදින විට විදුරු මහේන් ලේ ස්වල්පයක් ගැලීම සාමාන්‍ය දෙයකි. නමුත් අධික වශයෙන් ලේ ගැලීම සහ සංවේදී විදුරු මහක් ඇති වී ඇත්නම් ඉන් කියවෙන්නේ ඔබගේ ශරීරයට විටමින් C ඌන වී ඇති බවයි. පේර,ජමනාරම්,රෙඩ් පේපර්ස් ,කේල්,බ්රෝකොලි දෙහි ආදිය විටමින් C අධිකව අඩංගු වන ආහාර අතර වේ.