සහනය ගෙන දෙන සුවද ප්‍රතිකාරය (Aroma therapy)

සුවද ප්‍රතිකාරයේ ඉතිහාසය පුරාණ ශිෂ්ටාචාර සියල්ලේම වගේ ආරම්භක අවධිය තෙක් දිවයයි. එදා සිටි මිනිසා සුව කිරීමේ කටයුතු වලදී සුවදවත් ශාක කොටස් සහ පැළෑටි බහුලව භාවිතා කරනු ලැබුවා. ආබාධයන්ට ලක්වූ සතුන් විවිධ ශාක සහ පැළෑටි අනුභව කොට සුවපත් වන ආකරය ආදී මිනිසුන් නිරීක්ෂණයෙන් සහ අත්දැකීම් වලින් ඉගෙන ගනු ලැබුවා. එසේම ඇතැම් ශාක වර්ග විෂ සහිත බවත් ඇතම්වා ගුණදායක බවත් ඔවුන් මෙලෙස ඉගෙන ගත්තා. පරම්පරාවෙන් පරම්පරාවට මෙම එකතුකර ගන්නා ලද දැනුම ඔවුන් ඉදිරියට ගෙන ආ අතර තව තවත් අලුත් සොයාගැනීම් කරන්නටත් එම දැනුම උපකාරී වුනා.
අද මෙන්ම පෙර දී ද දෙවියන් උදෙසා සුවද කුරු දැල්වීම මිනිසුන් සිදු කලා. අතීතයේ සිටි මිනිසා ශාක පත්‍ර සහ විවිධ කොටස් දැල්වීම මගින් සුවද ලබාගත හැකි බව දැන සිටියා පමණක් නොව එක් එක් කොටස දහනයෙන් ඇතිවන ප්‍රතිපල එකිනෙකට වෙනස් බවත් අවබෝධ කොට ගෙන සිටියා. ඇතැම් කොටස් දහනයෙන් නිකුත් වන ගන්ධය මානසිකත්වය ඉහල නවන බවත් ඇතැම් වා මත්කරන සුළු බවත් තවත් ඒවා වේදනා නාශක මෙන් ක්‍රියාකරන බවත් තවත් ඒවා සහනය ගෙනදෙන බව සහ පවිත්‍රකරණය සදහා භාවිතා කල හැකි බව ඔවුන් දැන සිටියා. වසංගත තත්ත්ව වලදී ප්‍රති බැක්ටීරියා නාශක ගුණය සතු ගන්ධය නිකුත් කරන ශාක කොටස් දහනය කල බවට පුරාණ පොත් වල සදහන් වනවා.
නුතන යුගයේදී ද ස්වාභාවික ශාක කොටස් සුව කිරීමේ කටයුතු වලදී බෙහෙවින් යොදා ගන්නා අතර මෙයින් සුව ප්‍රතිකාරය වඩාත් දියුණු වී විශාල පිළිගැනීමකට ලක් වුනා.
ප්‍රංශ විද්‍යාඥයෙකුගේ අත් වැරදීමක ප්‍රතිපලයක් ලෙස ශාක සාර තෙල් වර්ග සුවකිරීමේ කටයුතු වලට යොදාගත හැකි බව ඔප්පු වීමත් සමග Renne Gattefosse නම් වූ එම විද්‍යාඥයා ගේ පර්යේෂණ තවත් ඉදිරියට ගෙන ගිය තවත් ප්‍රංශ විද්‍යාඥයෙකු මේ වූ Dr.Jean Valnet පළමු ලෝක යුද්ධයෙන් තුවාල ලැබූ සොල්දාදුවන්ගේ තුවාල සුව කිරීමට ශාක සාර තෙල් භාවිතා කරනු ලැබුවා. එසේම මෙම තෙල් වර්ග මානසික ආත්තතියෙන් පෙලෙන්නන් සදහා ද භාවිතා කොට ඔවුන්ගේ මානසිකත්වය ඉහල නැංවිය හැකි බව සොයා ගනු ලැබුවා. පසුව සුවද ප්‍රතිකාරය රුපලාවන්‍ය ක්ෂේත්‍රයටද හදුන්වා දෙනු ලැබුවා.
සුවද ප්‍රතිකාරය යනු පැළෑටි, මල්, කොළ, පොතු ආදී ශාක කොටස් මගින් නිස්සරණය කොට ලබාගන්නා ශාකසාර තෙල් භාවිතයෙන් සුදු කරන්නා වූ සුව කිරීමේ ක්‍රම වේදයකි. මෙම තෙල් වල සුවද ඉරීම හෝ මෙම තෙල් අලේප කොට සම්භාහනය කිරිමෙන් ශරීරයේ විවිධ අවයන් ගේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කල හැකිය. එක් එක් තෙල් වර්ගය සම්බන්ධවන අවයවය එකිනෙකට වෙනස් වේ. උදාහරණ ලෙස, රෝස තෙල් ප්‍රජනන පද්ධතියේ ක්‍රියාකාරිත්වයට ද, යුකැලිප්ටස් ස්වසන අබාධ සදහා ද ආහාර ජිර්ණපද්ධතිය සදහා පෙපර්මින්ට් ද යොදා ගනු ලබනවා. මෙසේ මෙම තෙල් වර්ග නාසයට ඉරීමෙන් හෝ ශරීරයේ ගල්වා සම්බාහනය කිරීමේ දී එහි ඇති රසායනික අනු රුධිරයට උරාගනු ගෙන අදාල ඉන්ද්‍රිය වෙත සංසරණය වී එහි දී සුව කිරීමේ ක්‍රියාව සිදු කරනවා.
මොලයේ ලිම්බික් පද්ධතිය (lymbic system) ලෙස හදුන් වන කොටසක් පවතිනවා. මෙය අවිඥානික මනස සහ සවිඥානික මනස අතර පිහිටන බව සැලකෙන අතර සංවේදී ඉන්ද්‍රියන්ගේ සමෝධානය සිදු කිරීමට ඉවහල් වන තැලමස පිහිටන්නේ එහිය. මෙයින් කියවෙන්නේ, අප දකින, අහන, ස්පර්ශ කරන, සුවද බලන සහ රස බලන සියලුම දේ පළමුව තැලමසයේ සටහන් වන බවත් එමගින් සම්පුර්ණ අත්දැකීම සමෝධානය කරන බවත්ය. බාහිර ලෝකයට ප්‍රතිචාර දැක්වීමට මෙය අත්‍යවශ්‍ය ක්‍රියාවලියකි.
අප ශරීරයේ හෝමෝන පද්ධතියද පරිසරයට ප්‍රතිචාර දැක්වීමේ දී ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරනවා. මේ සදහා වැදගත් වන ප්‍රධනතම ඉන්ද්‍රිය වන්නේ, මොලයේ පිහිටා ඇති පිටියුටරියයි. පිටියුටරි ග්‍රන්තියද පිහිටා තිබෙන්නේ තැලමසයට ආසන්නයෙනි. අප සිතන දේවල් වලට කායිරූපිව ඉදිරිපත් කිරීමට පිටියුටරිය සහ තැලමසය අතර සම්බන්ධය වැදගත් වනවා. ශාක සාර වල ගන්ධය ආඝානය කරන විට පිටියුටරි ග්‍රන්ථිය උත්තේජනය වී හෝමෝන පද්ධතියේ අදාළ ක්‍රියාකාරිත්වය සදහා සංඥා නිකුත් කරයි. මේ ආකාරයෙන් මානසික සහ කායික යන ආකාර දෙකටම සහනය උදා කර ගැනීමට සුවද ප්‍රතිකාරය උපකාරී වේ.
හොඳ ප්‍රමිතියෙන් යුතු ශාක සාර තෙල් වර්ග මිලෙන් ඉතා අධිකය. නමුත් මේ තෙල් වර්ග වල සාන්ද්‍රණය ඉතා ඉහල බැවින් theල් බින්දුවක් වුවද ප්‍රතිපල ලබාගැනීමට ප්‍රමාණවත් වේ. ශාක සාර තෙල් වලින් ලබා ගත හැකි ප්‍රයෝජන සහ ඒවා භාවිතා කරන ආකාරය පිලිබදව අප වෙනම ලිපියකින් කතා කරමු.