ග්ල්ය්සිමිය අගය ගැන දැනුවත් වෙමු!

Yashodha Jayalath
July 26, 2020
${article.image}

ග්ලයිසෙමික් දර්ශකය යනු අපගේ ආහාරයේ  ඇති  කබෝහයිඩ්රේට කොතරම් සෙමෙන් හෝ කොතරම් ඉක්මනින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යෑමට දායක වනවාද යන්න මත, කබෝහයිඩ්රේට් අඩංගු අහාර වලට දී ඇති අගයකි. මෙහිදී විවිධ අහාර ග්ලුකෝස් සමග සංසන්දනය කරනු ලබයි. ග්ලුකෝස් හි ග්ල්ය්සිමිය අගය 100 කි. සෙමින් කබෝහයිඩ්රේට අවශෝෂණය සිදුවන ආහාරවල ග්ල්ය්සිමිය අගය අඩුය. ග්ල්ය්සිමිය අගය අනුව කබෝහයිඩ්රේට අහාර කාණ්ඩ තුනකි. ඉහල ග්ල්ය්සිමිය අගයක් ඇති අහාර, මද්යම ග්ල්ය්සිමිය අගයක් ඇති අහාර සහ අඩු ග්ල්ය්සිමිය අගයක් ඇති අහාර එම කාණ්ඩ තුනයි.

ඉහල ග්ල්ය්සිමිය අගයක් ඇති අහාර - 70 හෝ ඉහල

මධ්‍යම ග්ල්ය්සිමිය අගයක් ඇති අහාර - 56-69

අඩු ග්ල්ය්සිමිය අගයක් ඇති අහාර - 55 සහ ඊට අඩු

රට කජු ආදී අහාර වල ග්ල්ය්සිමිය අගය ඉතා අඩුය. පාන් ආදී අහාර වලට ඉහල ග්ල්ය්සිමිය අගයක් ඇත. 70ට ඉහල ග්ල්ය්සිමිය අගයක් ඇති අහාර දිගු කාලයක් පුරා අධික වශයෙන් ආහාරයට ගැනීම තුලින් රුධිරගත සිනි ප්‍රමාණය පාලනය කර ගැනීමට ශරීරයට තිබෙන හැකියාව ක්‍රමයෙන් අඩුවේ. එමගින් දියවැඩියාව ආදී රෝග තත්වයන් ඇති වීමේ හැකියාවක් තිබේ. ග්ල්ය්සිමිය අගය 70 ට වැඩි අහාර සිමා කල යුතුවේ.

කබෝහයිඩ්රේට සෙමින් අවශෝෂණය වන විට රුධිරගත සිනි ප්‍රමාණය ද සෙමින් ක්‍රමානුකුලව ඉහල යයි. කබෝහයිඩ්රේට වේගයෙන් අවශෝෂණය වනවා නම් ඉකමනින් එක්වරම රුධිරගත සිනි ප්‍රමාණයද ඉහල යයි.  මෙහිදී රුධිරයේ තිබිය යුතු සිනි මට්ටම පසුකර යාමක් සිදුවිය හැකිය. නමුත් අපගේ ආහාරය සෙමින් අවශෝෂණය වේ නම් එක්වරම රුධිරගත සිනි ප්‍රමාණය ඉහල නොයන නිසා, තිබිය යුතු උපරිම මට්ටම පසු කර යමක් සිදු නොවේ.

ඉහල ග්ල්ය්සිමිය අගයක් ඇති අහාර සහ අඩු ග්ල්ය්සිමිය අගයක් ඇති අහාර එකට අනුභව කරන විට මද්යම ග්ලයිසමීය අගයක් ලැබෙයි. (සමබර බවක් ලැබෙයි) උදහරානයක් ලෙස පාන් සමග කෙසෙල් අනුභව කරන විට පාන් වල ඉහල ග්ලයිසමිය අගයත් කෙසෙල් වල අඩු ග්ලයිසමිය අගයත් එකතු වී මැද අගයක් ලබා දේ.

ග්ලයිසිමිය අගය පමණක් ප්‍රමාණවත්ද?

අහාර,රුධිරගත සීනි සඳහා වන සම්පූර්ණ බලපෑම අවබෝධ කර ගැනීම සඳහා, ආහාරය ග්ලූකෝස් මඟින් රුධිරයට කෙතරම් ඉක්මනින් ඇතුල් වනවාද  යන්න  සහ කොපමණ ග්ලූකෝස් ප්රමාණයක් ලබා දිය හැකිද යන්න දැන ගැනීම අවශ්ය වේ. ග්ලයිසෙමික් බර (glysemic load) මෙහිදී වැදගත් වේ.

උදාහරණයක් ලෙස, බාස්මති සහල වල ග්ලයිසිමිය අගය 52ක් පමණ වේ. එය අඩු අගයකි. පාන් වල ග්ලයිසිමිය අගය 70ක් පමණ වේ. එය වැඩි අගයකි. නමුත් පුද්ගලයෙකු අනුභව කරන ප්‍රමාණය මත මේ අහාර වර්ග දෙක මහින් ශරීරයට ලැබෙන ග්ලුකොස් ප්‍රමාණය වෙනස් වේ. ඔහු පාන් පෙති 2ක් ආහාරයට ගන්නා විට ශරිරයට ලැබෙන ග්ලුකොස් ප්‍රමාණය ඔහු බාස්මති බත් පිගානක් අනුභව කරන විටදී  ශරීරයට ලැබෙන ග්ලුකෝස් ප්‍රමාණයට වඩා අඩු වේ. මේ නිසා ග්ලයිසිමිය අගය අඩු ආහාර ලබා ගන්නා විටදී ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතුය.

ආහාරයේ අඩංගු වන තන්තු ප්‍රමාණයද අහාර අවශෝෂණය වන වේගයට බලපානු ලබනවා. තන්තුමය ස්වභාවය වැඩි අහාර සමග ග්ලයිසිමිය අගය වැඩි ආහාරයක් ගත්  විටදී ග්ලුකෝස් අවශෝෂණය විමේ වේගය අඩු කර ගන්න පුළුවනි.

රුධිරගත සිනි මට්ටම තිබිය යුතු මට්ටමේ (4.0 to 6.0 mmol/L (72 to 108 mg/dL) නිරාහාර විටදී  සහ  7.8 mmol/L (140 mg/dL) අහාර ගෙන පැය 2කට  පසු.) පවත්වා ගැනීමට නම්,

•             ග්ලයිසිමිය අගය අඩු අහාර තෝරා ගන්න.

•             ප්‍රමාණය අඩු කරන්න

•             තන්තුමය අහාර වැඩිපුර එකතු කර ගන්න.

උදාහරණයක්-  සුදු කකුලු බත් අනුබව කරන ව්ටදී  (සුදු කැකුලු බත් වල ග්ල්සේමිය අගය වැඩිය- 79 පමණ වේ) සම්පූර්ණ ආහාරයෙන් 1/3 ක්  වන පරිදි බත් සහ ඉතිරිය එළවළු, පළා වර්ග  සහ ප්‍රෝටීන ප්‍රභවයක් වන ලෙස ලබා ගන්න. එමගින් ග්ලයිසිමිය අගය වෙනස් කරගත හැකිය.