ආහාර වලට ඔබත් ඇබ්බැහි වෙළා ද???

Yashodha Jayalath
April 14, 2020
${article.image}

ආහාර වලට ඔබත් ඇබ්බැහි වෙළා ද???

ආහාරවලට ඇබ්බැහි වීම බටහිර රටවල් වල වැඩි පුරම දකින්නට ඇති තත්වයකි. සකසන ලද ආහාර සහ විවිධ කෙටි කෑම ආදිය නිසා අප රටේ ද  දැන් ආහාර ඇබ්බැහි වීම  ඇති වන බව පෙනෙන්නට තිබෙනවා. පාලනයකින් තොරව ආහාර ගැනීම, ආහාර කෙරෙහි දැඩි ආශාවක් ඇති වීම සහ බඩ පැලෙන්න ආහාර ගැනීම ආදිය ආහාර ඇබ්බැහිකමට ඇතුලත් වනවා. ලෝකය පුරා නවීන වෛද්‍යය විද්‍යාත්මක තොරතුරු බෙදා හරින ඇමරිකාවේ Healthline ආයතනය මේ පිලිබදව අධ්‍යනයක් සිදුකොට තිබෙනවා.   ඔවුන් ඊ-මේල් පණිවුඩයක් මගින් පුද්ගලයින් 17,094 දෙනෙකුගෙන් මේ පිළිබදව විමසා සිටි අතර ඉන් 875 දෙනෙකු පිළිතුරු දී තිබෙනවා. එම ලබාගත් පිළිතුරු අනුව ආහාර ඇබ්බැහි කමේ ලක්ෂණ 8ක් ඔවුන් හදුනා ගෙන තිබෙනවා. මෙහි දක්වා ඇත්තේ එම ලක්ෂණ 8 පිළිබවද විස්තරයකි.

  1. හොදින් ආහාර ගෙන සිටියත් තවත් ආහාර ගැනීමට ආශාවක් ඇති වීම.

බඩගින්න සහ ආශාව යනු එකක් නොවේ, දෙකකි. ඔබ හොඳ බත් පිගානක් එළවලු සහ මස් හෝ මාළු සමග ආහාරයට ගෙන හෝ හොඳ ධන්‍යමය ආහාරයක් ගත පසුව ඔබට ice cream ක් ද කෑමට ආශා හිතේ නම් එය ඇති වන්නේ බඩගින්න නිසා නොවෙයි, ආශාව නිසයි. මෙලෙස හොඳ ආහාරයක් ගත පසුත් තවත් මොනවහරි කෑමට ගන්නා ලෙස අපට බල කරන්නේ අපගේ මොලය මගිනි.  මෙවන් තත්වයක් සාමාන්‍යයෙන් අප අතර පවතිනවා. කෑමට පසු අතුරුපසක් ගන්නේ ඒ නිසයි. නමුත් නිතරම් ඔබට මෙසේ හොදින් බඩපිරෙන්න ආහාර ගෙන තවත් මොනාහරි කන්න ඕනේ යැයි සිතෙනවානම් සහ ඔබට එය පාලනය කර ගැනීම අපහසු බව සිතේ නම්, ඔබ ආහාර ඇබ්බැහිකමට ලක් වී ඇති බව අනුමාන කරන්නට  පුළුවනි.  මෙම ආශාව ඇති වන්නේ ඔබගේ ශරීරයට ශක්තිය හෝ පෝෂක අවශ්‍ය නිසා නොවෙයි. මොළයෙන්  ඩෝපමින් නිදහස් කිරීමට මොළයට අවශ්‍ය වී ඇති නිසා එසේ අපට සංඥා ලබා දෙනවා.

  1. ඔබ ආහාර ලබාගත යුතු ප්‍රමාණයට වඩා ආහාර ලබා ගන්නවද?

පුංචි කේක් කෑල්ලක් ආහාරයට ගැනීමෙන් (ඔබට දියවැඩියාව නොමැති නම්) ඔබට මහා ලොකු හානියක් සිදු නොවන බව ඇත්ත. කේක් යනු පෝෂණීය ආහාරයක් ලෙස නොසලකයි, එයට හේතුව එහි අඩංගු වන අධික කැලරි ප්‍රමාණයයි. නමුත් ඇතැම් පුද්ගලයින් කේක් කෑල්ලක් වෙනුවට කේක් කෑලි කිහිපයක් අනුභව කරනවා. අවසානයේදී කේක් ගෙඩියම හෝ ඉන් භාගයක් ම අනුභව කරනවා. මෙය අහිතකර තත්වයකි. ඔබට එවැනි අධික කැලරි සහිත ආහාර නිතරම අධික ප්‍රමාණයක් ආහාරයට ගන්නට සිතේ නම් ඔබ අහාර ඇබ්බැහි කෑමට ලක් වූවකු විය හැකි ය.

  1. බඩ පැලෙන්නට අහාර ගැනීම ද ආහාර ඇබ්බැහිකමේ ලක්ෂණයකි.  තමුන්ට තව කිසිවක් ආහාරයට ගත නොහැකි තරමින් අහාර ගැනීම මෙසේ හදුන්වයි. අප නිතරම් අහාර ගැනීම නැවැත්විය යුත්තේ තව ටිකක් මට කන්න පුළුවන් ලෙස දැනෙන විට දිය. (බඩේ තව ඉඩ තියන පරිදියි. කුස පිරෙන්නට ආහාර නොගත යුතු බව වැඩිහිටියන් ද අප කුඩා කල පවසා ඇත)
  2. ඔබ ඔබගේ ප්‍රතිපත්ති හෝ වටිනාකම් වලට පටහැනිව දෙයක් කල විට ඔබට වරදකාරී හැගීමක් දැනෙනවා නේද? ඒ ලෙස අහාර ගත පසුවත් ඔබට දැනී තිබෙනව ද? එයත් අහාර ඇබ්බැහි කමේ ලක්ෂණයක් ලෙස හදුන් වන්නට පුළුවනි.  මොකද ඔබගේ සෞඛ්‍යට අහිතකර බව දැන දැනත් ඔබ ඇතැම් අහාර ආශාවෙන් නිතර නිතර අනුභව කරනවා. ඇතැම් විට ප්‍රමාණය ඉක්මවා අහාර ගන්නවා. ඔබට වරදකාරී හැගීමක් ඇති වන්නේ එය අයහපත් බව ඔබ දන්නා නිසයි. ඔබ ගුණදායක යමක් නිසි ප්‍රමාණයට ආහාරයට ගන්නේ නම් එම වරදකාරී බව ඔබට නොදැනේ.
  3. ඔබ සෞඛ්‍යමත් ලෙස අහාර ලබා ගත යුතු යැයි තීරණය කොට ඒ සදහා සුදානම් වී ක්‍රියා කරන අතර තුර ඔබට සිතෙනවා ඔබ ආහාරයට නොගත යුතු යැයි තීරණය කල ආහාරයක් අනුභව කිරීමට.  එම ආහාරය ඔබට අහිතකර ආහාරයකි. නමුත් ඔබට එම ආහාරය ගත්තට වරදක් නැති බවට සිතුවිලි ඇති වෙනවා. ඔබ විවිධ හේතු සිතින් කල්පනා කරනවා නම් එම ආහාරය අනුභවය සධාරනියකරණය සදහා, ඔබ තුල ඇබ්බැහි වීමක් ඇති බව සිතිය හැකිය.
  4. දිගින් දිගට ඔබ, ආහර සම්බන්ධයෙන් ඔබට පනවා ගෙන ඇති නීති නොසලකා හරිමින් කටයුතු කරයි  නම් එම නීති පිළිපැදීම ඔබට ඉතා අපහසු බවක් දැනෙන්නේ නම්, එයත් ඇබ්බැහිකමේ ලක්ෂණය කි.
  5. ඔබට අනෙක් අයට හොරෙන් අහාර ගන්න සිදු වෙලාද? ඇතැම් පුද්ගලයින් තමන් ආශා කරන පෝෂණයෙන් තොර අහාර  (junk food) අනෙක් යට හොරෙන් තනියම සිටින විට ආහාරයට ගන්න පෙලබෙනවා. මෙයට එක හේතුවක් වන්නේ, එම අහාර පෝෂණයෙන් තොර බැවින් අනෙක් පුද්ගලයින් අවවාද කරන නිසා වන අතර ඇතැම් විට එම පුරුද්දෙන් ඔබට අත් මිදිය නොහැකි බවට ඔවුන් තුල වැටහීමක් ඇති වී ඔවුන් තමන්ව දුර්වල පුද්ගලයෙකු ලෙස හදුනා ගනීවි යැයි සිතන නිසාත් ය. එසේත් නොමැති නම් එම අහාර වලට ඇති ගිජු බව හේතුවෙන් බෙදා ගන්න වේ යැයි බියෙනුත් විය හැකිය. මේ කෙසේ නමුත් එය අහාර ඇබ්බැහි කමේ ලක්ෂණයක් ලෙස හදුනා ගත හැකිය.
  6. සෞඛ්‍යට අහිතකර අහාර නිතර අනුභවයේ කෙටි කාලිනව දැකිය හැකි අයහපත් ප්‍රතිපලය තමයි  සිරුරේ බර වේගයෙන් වැඩි වීම. නමුත් දීර්ග කාලීනව මෙම අහාර නිතරම ලබා ගැනීම තුලින් තරබාරුව (obesity), දියවැඩියාව (type 2),  හර්ධ රෝග, ඇල්ෂයිමර් රෝගය, සහ ඩිමෙන්ශියාව ආදී රෝග ඇතිවිය හැකි ය. ඔබ මෙවන් රෝගයකින් පෙලෙන අතර ඔබ හොදින්ම දන්නවා නම් එයට හේතුව ඔබගේ අහාර රටාව බව සහ තවමත් ඔබට එම ආහාර වලින් මිදිය නොහැකි නම්, එය ද ආහාර ඇබ්බැහිකමේ ලක්ෂණයක් ලෙස සලකන්නට පුළුවනි.

 

මෙම අධ්‍යනයට ලක් වූ පිරිසෙන් වැඩි දෙනෙක් කාන්තාවන් විය! එසේම ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු Healthline ආයතනයෙන් , සිරුරේ බර අඩුකර ගැනීමේ තොරතුරු ඉල්ලන ලද අයයි, එනිසා මෙම සාම්පලය එතරම් සාර්ථක සාම්පලයක් (not a representative sample ) ලෙස සිතිය නොහැකිය. මෙම සමීක්ෂණය කිරීමේ දී අහාර ඇබ්බැහිකම යන වචනය බවිත නොකළ බවත්, සමික්ෂණය ඊට (අහාර ඇබ්බැහිකමට) සම්බන්ධ බව සදහන් කල බවත් මෙම අධ්‍යනය කල healthline ආයතනය සදහන් කොට තිබුණි.