සතුට ඇති කරන Endorphins!!

Yashodha Jayalath
June 06, 2020
${article.image}

1970 ගණන් වල මුල් කාලේදී, වේදනා නාශක මොලයට බලපාන ආකාරය පිළිබදව පර්යේෂකයින් විසින්  අධ්‍යනය කරමින් සිටියා. ඔවුන් අධ්‍යනය කරනු ලබුවේ  heroin සහ Morphin  වැනි අබින් වර්ග පිලිබදවයි. මෙහිදී ඔවුන්ට සොයාගන්න පුළුවන් වුනා මෙම අබින් වර්ග සමග අන්තර් ක්‍රියා කිරීමට  මොලයේ සහ ශුෂුම්නාවේ විශේෂිතව සකස් වූ ප්‍රතිග්‍රාහක ෛසල  වර්ග ඇති බව. ඔවුන්ට ඇති වූ ප්‍රශ්නය වුයේ මෙසේ විශේෂිතව සකස් වූ ප්‍රතිග්‍රාහක ඇත්තේ කුමක් නිසාද යන්නයි. එයට පිළිතුර වුයේ අබින් වලට සමාන රසායනික සංයෝගයක් අපගේ සිරුරේ ස්වභාවිකවම නිපදවන බවය. මෙම සංයෝග endorphins ලෙස හදුන්වනු ලබනවා.

Endorphins මගින් වේදනාව වළක්වනු ලබනවා. එසේම අපගේ හැගීම්, දැනීම් සහ සතුට ඇති කිරීමටත් ඒවා හේතු වෙනවා. සුඛ වේදනාව යන හැගීම මගින් යම් දෙයක් අපට සෑහෙන පරිදි ලැබුනාද? ලබාගත්තාද? යන්න පිලිබදව අදහසක් ඇති කරනවා. එමගින් යම් යම් දේ කෙරෙහි කැමැත්තක් ඇති කරනවා. එම කැමති දේවල් ලැබීම තුලින් නැවතත් සතුටට පත්වීමට අපව යොමු කිරීමක් සිදුවෙනවා.

අපගේ හැගීම් මෙන්ම මතකයන් ද සකස් වන්නේ මොලයේ ඇති limbic system නැමැති කොටස මගිනි. මෙම කොටසට, හුස්ම ගැනීමේ සිට බඩගින්න පාලනය, ලිංගික ආශාවන් ඇතිකිරීම  සහ  හැගීම් සහ   ප්‍රතිචාර දැක්වීම ආදියට මුල්වන  හයිපෝතැලමස අයිති වෙනවා.  limbic system එක තුල Endorphins සදහා විශේෂිතව සකස් වූ ප්‍රතිග්‍රාහක විශාල ප්‍රමාණයක් අන්තර්ගත වනවා. එහි ක්‍රියාකාරිත්වය සාමන්‍ය පරිදි සිදුවනවානම් ඔබට සතුට සහ සන්තෘප්තිය අත්දකින්නට ලැබෙනවා.

Endorphins ශ්‍රාවය වීම ආරම්භ කිරීමට ගොඩක් දේවල්වලට පුළුවන්. ප්‍රධානම දේවල් තමා  ආතතිය සහ වේදනාව. ඔබ ආතතියෙන් සිටින විටදී හෝ වේදනාවෙන් සිටින විට හයිපොතැලමස මගින් endorphins ශ්‍රාවය වීම උත්තේජනය කරනවා. එමගින් සතුට ඇති කරන්න උත්සහ කරනවා හෝ ඔබට සතුට ලබාදෙන දේ වල් ලන්කර ගැනීමට උත්තේජනයක් ඇති කරනවා.

endorphins ප්‍රමාණය ඉහල නැංවීමට හැකි ස්වභාවික ක්‍රම කිහිපයක් පහතින් සදහන් වෙනවා....

  • සුවද වර්ග - ලැවැන්ඩර්, පිච්ච හෝ වැනිලා වැනි සුවද වර්ගයක්. සමහර සුවද වර්ග වලින් අපගේ මනෝභාවය නොහොත් “මූඩ්” එක හරිගස්සන්න පුළුවන් නේද? එයට හේතුව එම සුවද ආග්‍රනය මගින් endorphins ශ්‍රාවය කිරීම උත්තේජනය කරන බැවිනි. “aromatherapy ” නම් සංයමන (relaxation)  ප්‍රතිකාර ක්‍රමය ගොඩනැංවී ඇත්තේ මේ මතය.
  • ව්‍යායාම - ව්‍යායාම කිරීම කායික සෞඛ්‍යට හිතකරයි. එසේම එය මානසික සෞඛ්‍යටත් එසේම හිතකර බව ඔබ දන්නවද? සිතා  බලන්න වැඩි මහන්සියක් නැතුව ගත කල දවසක් හා දාඩිය ගෙන වැඩ කල දවසක් ගත් විට රාත්‍රියේ හොදින් නින්ද යන්නේ මොන දවසේද? අනිවාර්යෙන් මහන්සි වූ දවසේ නින්දේ සැපවත් බව වැඩි නේද? තනිව කරන ව්‍යායාම වලට වඩා සමුහ ව්‍යායාම මගින් endrophins ශ්‍රාවය වැඩි වන බව පිළිගත් කරුණයි.  ඇවිදීම, නර්තනයේ යෙදීම, ඇරොබික්ස් ව්‍යායාම සහ දිවීම වැනි රිද්මයනුකුල ව්‍යායාම දිගටම කරන විට endrophins ශ්‍රාවය වැඩි වීමත් සුවදායක හැගීමත් වර්ධනය වනවා.
  • සිනහව -  පුංචි ළමයින් දවසකට 300 වතාවක් පමණ සිනාසෙන බව ඔබ දන්නවද? එනමුත් වැඩිහිටි පුද්ගලයෙකු දවසකට සිනාසෙන්නේ 5ස් වතාවක් පමණය. සිනාසෙන තරමට ලෝකය පිළිබද අපගේ දැක්මද යහපත් වේ. පර්යේෂණ මගින් පෙන්වා දෙන පරිදි සිනහව මගින්
  • රුධිර පීඩනය අඩු කරයි.
  • ආතති  හෝමෝන යටපත් කරයි.
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කරයි.
  • endrophins ශ්‍රාවය වීම වැඩි කරයි.
  • යහපැවැත්ම පිළිබද හැගීමක් ජනිත කරයි.

අද දක්නට ලැබෙන සිනහ ප්‍රතිකාරයේ ආරම්භය  1930ස් ගණන් දක්වා ඈතට දිව යයි. එකල ඇමෙරිකාවේ ළමා රෝහල් වලට විහිලුකාරයින් ගෙන්වා පෝලියෝ සෑදුනු ළමයින්ව සතුටට පත් කල බව කියවෙනවා. එසේම රෝග සුවවීමේ අමතර ප්‍රතිකාරයක් ලෙස සිනහව භාවිතා කිරීම පිලිබදව අමෙරිකානු මාධ්‍යවේදියකු  වන මහාචාර්ය Norman Cousins විසින් ලේඛන ගත කොට තිබෙනවා. ඔහු යම් පිරිහෙන රෝගයකින් පිඩාවිදිමින් සිටින විට ඔහු දිගින් දිගටම සිනහ  ප්‍රතිකාරය ඔහු විසින්ම සිදු කරගෙන තිබෙනවා.  ඔහු පවසන පරිදි විනාඩි දහයක සිනහ වේලක් මගින්  පැය දෙකක වේදනානාශක වලින් තොර  සහනයක්  ඔහුට ලැබී තිබෙනවා. අසල්වැසි ඉන්දියාවේ “laughing club” පවා තිබෙනවා. ඉංග්‍රීසි ජාතික මනෝවිද්‍යා හා මනොප්‍රතිකරකයකු වන Robert  Holden විසින් එරටේ ප්‍රථම සිනහ සායනය ආරම්භ කොට තිබෙනවා.

  • ලිංගික සතුට - සත්ත්වයින් ලෙස  ලිංගික තෘප්තිය ලැබීමට අප ජීවවීද්‍යාත්මකව හැඩගැසී තිබුනත් වෙනත් කාරණා නිසා  ඒ සදහා වැදගත් කමක් නොලැබී තිබෙනවා. endorphins ශ්‍රාවය වීම වැඩිකිරීමට මෙයට හොද හැකියාවක් තිබෙනවා.
  • චොකලට් - dark chocolate හර්ධය වස්තුවේ ආරක්ෂාවට ඉවහල් වන බව ඔබ අසා තිබෙනවා ඇති. chocolate සතුව polyphenols සහ ප්‍රතිඔක්සිකාරක විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. එමගින් ප්‍රදාහය තත්ත්වයන් අඩු කරන අතර රුධිර පීඩනය අඩු කරනවා, LDL කොලෙස්ටරෝල් (අහිතකර කොලෙස්ටරෝල්) අඩු කරන අතර HDL කොලෙස්ටරෝල් (හිතකර කොලෙස්ටරෝල්) වැඩි කරයි. එසේම චොකොලට් වල endorphins ශ්‍රාවය ඉක්මන් කරන රස ද්‍රව්‍ය අඩංගු වේ. හර්ධයේ ක්‍රියාකාරිත්වය හරියාකාරව පවත්වාගැනීමට දවසකට අවශ්‍ය chocolate ප්‍රමාණය 6.7ග්රැම් පමණ වේ.  එසේම මෙහි ගුණය, චොකොලට් විශාල ප්‍රමාණයක් අනුභව කිරීමෙන් නැති වී යන බව ද පැවසෙනවා. 
  • සංගීතයට සවන් දීම - මෙමගින් ද endorphinsශ්‍රාවය වැඩිවන නිසා සුවදායක හැගීමක් ඇති කරයි.
  • කුළුබඩු යෙදු ආහාර - මෙම ආහාර වල අඩංගු රසායනික ද්‍රව්‍ය මගින් සිරුරට හිතකර ඵල ලබා දේ. බොහොමයක් ඒවා හොඳ ප්‍රතිඔක්සිකාරක වේ. ව්‍යාධිජනකයින් මර්දනය කිරීම තවත් ප්‍රතිලාභයක් වේ.