ඔබගේ ආහාර ජීර්ණය නිවැරදිව සිදුවනවාද?
Yashodha Jayalath
November 07, 2020

ඔබගේ ආහාර ජීර්ණය නිවැරදිව සිදුවනවාද?
ආහාර ජීර්ණය යනු ඉතා වැදගත් ක්‍රියාවලියකි. අප කෙතරම් පෝෂණීය ආහාරයක් ලබාගත්තද එය නිසි පරිදි ජීර්ණය නොවුනි නම් එහි ඇති පෝෂණය හොදින් ශරීරයට අවශෝෂණය නොවේ. අප ලබාගන්නා ආහාරයේ සංයුතිය, ආහාර ප්‍රමාණය, ජීවන විලාසය, වයස ආදිය මත ආහාර ජීර්ණ ක්‍රියාවලියේ ගුණාත්මක භාවය රඳා පවතිනු ලබනවා. ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීම අපගේ යහ පැවැත්මට බලපෑම් ඇති කරනවා. ආහාර ජීර්ණය නිවැරදිව සිදු නොවන බව ඔබට දැනගත හැකි නිමිති කිහිපයක් පහතින් දක්වා තිබෙනවා.
- කෙතරම් හොදින් දත් මැද පිරිසිදු කලද මුඛයෙන් දුගදක් හමනවා ද? එය ඇතැම් විට ඔබගේ ආහාර ජිර්ණයේ ගැටළුවක් නිසා ඇතිවන්නක් විය හැකිය.
- ආහාර නිසි ලෙස ජීර්ණය නොවිමේ දී ආහාර මාර්ගය තුල දී යම් යම් ගන්ධයන් සහිත යම් සංයෝග නිපදවනු ලැබීමේ සම්භාවිතාවක් පවතිනවා. මෙම සංයෝග රුධිරයට අවශෝෂණය වී, සම මත දී දහදිය සමගින් පිට වී යනවා. මේ නිසා ශරීරයෙන් ගන්ධයක් හැමිමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම ජීර්ණය කිරීමට අපහසු රතු මස් වැනි ප්‍රෝටීන් අධික අහාර නිතර ආහාරයට ගැනීමෙන් මෙම තත්වය ඇතිවිය හැකිය.
- අහාර ගත් පසු මහන්සියක් දැනෙන්නේ ඔබගේ ශරීරයේ ශක්තිය අහාර දිරවීමට සහ අවශෝෂණය කිරීමට වොමුවන නිසයි. විශේෂයෙන්ම බර ආහාර වේලක් ගත්විට මෙම තත්වය ඇති වනවා. මෙහිදී ද අහාර ජීර්ණයට අපහසුතාවයක් ඇති වන නිසා කුඩා ප්‍රමාණයන්ගෙන් ආහාර ලබා ගැනීමට සැලකිලිමත් වන්න.
- මල බද්දය හට ගැනීමට, පෝෂණ උනතාවයක් හෝ යම් අසමතුලිත බවක් හේතු වනන්නට පුළුවනි. මහාන්ත්‍රය තුල දී විශාල වශයෙන් ජලය අවශෝෂණය සිදු වීමේදී මල බද්දය ඇති වෙනවා. මෙමගින් තද ස්වභාවයේ මල නිපදවෙනවා. ඒ විට මල පිට කිරීමට ද අපහසුය. මල බද්දය සමග බඩ පුරවා දැමීමේ තත්වයක් ද ඇති විය හැකිය.
- වමනය ඇති වීමට ද ආහාර නිවැරදිව ජීර්ණය නොවීම හේතුවක් විය හැකිය.
- යකඩ උනතාවය ඇති නම් ඔබගේ අහාර ජීර්ණ ක්‍රියා වලියේ යම් ගැටළුවක් තිබිය හැකිය. ඇතැම් විට ආහාර මාර්ගය තුල පරපෝෂිතයන් සිටින විටද යකඩ උනතාවයක් ඇති වීමට හැකිය.
- ඔබගේ නිය පොතු නිතරම කැඩී යයි නම්, ඔබගේ හිස කෙස් විශාල වශයෙන් ගැල වී යි නම්, ප්‍රෝටීන, කැල්සියම්, සින්ක් ආදී අත්‍යවශ්‍ය පෝෂක හොදින් ශරීරයට අවශෝෂණය නොවීම හේතුවක් විය හැකිය.
- ඇක්නි, දද , චර්ම දාහය වැනි චර්ම රෝග හෝ ඔබට ඇත්තේ වියලි සමක් නම් මේද ජීර්ණය නිවැරදිව සිදු නොවීම හේතු විය හැකිය. මේද ජීර්ණය සදහා lypase නම් එන්සයිමය අවශ්‍යයි. එය ඌන වීමෙන් මේදය ජීර්ණය අපහසු වේ. එසේම ඔබ ගන්නා අනෙකුත් ආහාර ද හොදින් ජීර්ණය නොවුනොත් සමේ නිරෝගී බවට හේතු වන අත්‍යවශ්‍ය විටමින් වර්ග වන විටමින් A, K, සහ E අවශෝෂණය හරියාකාරව සිදු නොවීමට ඉඩ තිබෙනවා.
- දුර්වල ආහාර ජීර්ණය මුළු ශරීරය කෙරෙහිම බලපානු ලබනවා. අතරයිටිස් කෙරෙහිද එය බලපාන බව දැන් සොයා ගෙන තිබෙනවා. ආහාර නොදිරවිම ප්‍රදාහය කෙරෙහි බලපාන බවත්, ප්‍රදාහය සන්ධි වේදනා කෙරෙහි බලපාන බවත් පාරම්පරික වෛද්‍ය විද්‍යාවේ පිළිගන්නා කරුණකි.