රසවත් බිම්මල් !!

රසවත් බිම්මල් !!
බිම්මල් එළවළුවක් ලෙස නම් කොට ඇතත් එය ඇත්තෙන්ම ශාකයක් නොවෙයි. දිලිර රාජධානියට අයත් වන බිම්මල් ඉතා රසවත් මෙන්ම ගුණදායක ආහාරයකි. බිම්මල් වල පෝෂණ ගුණය ගැනයි මෙම ලිපියෙන් කියවෙන්නේ.
විටමින් සහ ඛනිජ වර්ග යහමින් අන්තර්ගත වන සමබල ආහාර වේලක් ගැන කතා කිරීමේදී පෝෂණවේදීන් බොහෝවිට කියන්නේ විවධ වර්ණයන්ගෙන් යුතු එළවලු සහ පලතුරු ආහාරයට එක් කර ගන්නා ලෙසයි. ස්වභාවික ආහාර වල වර්ණය සමග එහි පෝෂණ ගුණයත් වැඩි වෙනවා. නමුත් බිම්මල් යනු මෙයට වෙනස් ලෙස හැදින්විය හැකි ආහාරයකි. එනම් බිම්මල් වලට දීප්තිමත් වර්ණයක් නැහැ, බොහෝ විට සුදු පාටයි, නැතිනම් ලා දුඹුරු පාටයි. නමුත් එහි පෝෂණ ගුණය ඉහලයි.
බිම්මල් වල කැරට්,තක්කාලි, බෙල් පේපර්ස් සහ වට්ටක්කා වල මෙන්ම ප්‍රති ඔක්සිකාරක විශාල වශයෙන් අඩංගු වනවා. අප ශරීරය තුල පිළිකා ආදී රෝග ඇති කිරීමට මුල් වන නිදහස් මුක්ත කන්ඩ විනාශ කිරීමේ හැකියාව ප්‍රති ඔක්සිකරකවලට තිබෙනවා.
සෙලනියම් නම් මුලද්‍රව්‍ය බොහෝ පලතුරු සහ එළවලු වල අඩංගු වන්නේ නැහැ. නමුත් බිම්මල්වල සෙලනියම් තිබෙනවා. අක්මාවේ එන්සයිම ක්‍රියාකාරිත්වයට සෙලනියම් අවශ්‍ය වනවා. ශරීරයේ පිළිකා ජනක රසායනික ඇත්නම් ඒවායේ විෂ හරණයට මෙම එන්සයිම වල ක්‍රියාකාරිත්වය අත්‍යවශ්‍ය වනවා. ශරීර ප්‍රදාහය අඩුකිරීමට මෙන්ම අර්බුධ ඇතිවීම වැලක්විමටත් සෙලනියම් උදව් වනවා.
බිම්මල්වල විටමින් D ද අඩංගු වන එමගින් සෛල වර්ධන චක්‍රය යාමනය කිරීමට උපකාරී වනවා. කපනලද නැවුම් බිම්මල් උදැසන හිරු එලියට නිරාවරණය කොට තැබීම මගින් එහි විටමින් D ප්‍රතිශතය ඉහල නංවා ගත හැකිය. DNA සංස්ලේෂණය සහ අලුත්වැඩියා කිරීමේදී වැදගත් වන ෆොලේට් ද බිම්මල් වල අඩංගු වේ.
බිම්මල් වල තන්තු අඩංගු වන නිසා දියවැඩියා රෝගයෙන් පෙලෙන පුද්ගලයින්ට ගැලපෙන ආහාරයක්ද වේ. මෙහිදී යන්තම් නොගබුරු තෙලේ තෙම්පරාදු කොට හෝ අවන් එකේ ග්රිල් කර ගැනීමෙන් වැඩි පෝෂණයක් ලබාගත හැකිවේ.
බිම්මල්වල අඩංගු වන තන්තු, පොටැසියම් සහ විටමින් C හර්ධවාහිනි පද්ධතියට ගුණදායක වේ. ශරීරයේ රුධිර පීඩනය යාමනය කිරිමේදී සෝඩියම් සහ පොටැසියම් වැදගත් වනවා. බිම්මල්වල පොටැසියම් ප්‍රමාණය වැඩියෙනුත් සෝඩියම් ප්‍රමාණය අඩුවෙනුත් අඩංගු වන නිසා රුධිර පීඩනය අඩුකිරීමටත් එමගින් හර්ධ රෝග වැලක්විමටත්, බිම්මල් නීති පතා ආහාරයට ගැනීම වැදගත් වනවා. ශි ටේක් නොහොත් බොත්තම් බිම්මල් වල බිටා ග්ලුකන්ස් අඩංගු වන අතර එමගින් රුධිරයේ කොලෙස්ටෙරෝල් ප්‍රමාණය අඩු කරන බව පර්යේෂණවල සදහන් වනවා. මිට අමතරව ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය දියුණු කිරීමටත් බිම්මල් වලට හැකියාව තිබෙනවා.
සිරුරුරේ බර පාලනය කිරිමේ දී වැදගත් මෙහෙයක් තන්තු මගින් ඉටු කරන බව ඔබ දන්නවා ඇති. බිම්මල් වල ආකාර 2කක තන්තු අඩංගු වනවා. ඒවා නම් කයිටින් සහ බීටා ග්ලුකන්ස් ය. මේවා මගින් ආහාර ගැනීමේදී උදරය පිරුනු බවක් ඇති කරන එමදින් ආහාර රුචිය අඩුකොට වැඩි පුර ආහාර ගැනීම අඩු කරනවා.
බිම්මල් වල විටමින් B වර්ග වන රයිබෝෆ්ලෙවින් B2, ෆොලේට් B9, තයිමින් B1, පෙන්ටෝතෙනික් අම්ලය B5, නියසින් B3 අඩංගු වනවා.
එළවලුමය ආහාර පමණක් ආහාරයට ගන්නා පුද්ගලයින් (vegan) හට ආහාර මගින් ලබාගැනීමට අපහසු විටමිනය වන්නේත් විටමින් D ය. එළවලු වර්ග වල විටමින් D නොමැති අතර කිරි ආහාරවල සහ සත්ත්ව මාංශමය ආහාරවල අඩංගු වේ. ඔවුන්ට විටමින් D ලබාගත හැකි හොඳ ප්‍රභවයක් වන්නේ බිම්මල් ය.
ඉගෙනීමේදී, මතකය සදහා සහ නින්ද කෙරෙහි වැදගත් වන කොලින් නම් සංයෝගය බිම්මල් වල අඩංගු වේ.
“වල් බිම්මල්” නොහොත් “කැලෑ බිම්මල්” ආහාරයට ගැනීමේ දී පරෙස්සම් විය යුත්තේ ඇතැම් බිම්මල් වර්ග විෂ සහිත වන නිසාය.
ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග වලින් පිඩා විදින්නන් බිම්මල් වැඩිපුර ආහාරයට නොගත යුතුය. බිම්මල් මගින් ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන නිසා රුමැටික් අතරයිටිස්, ඇදුම ආදී ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග තත්වයන්ද වැඩි විය හැකිය.