සුදුළූනු

සුදුළූනු
සුදුළූණු යනු සෑම කුස්සියකම පාහේ දැකිය හැකි පොදු අංගයක් වන අතර, එය ඇලියම් (ලූනු) පවුලේ ශාකයකි. අතීතයේදී, එහි ඇති සෞඛ්ය සම්පන්න ගුණාංගයන් නිසා බෙහෙවින් අගය කරනු ලැබුවක් වන අතර අදටත් ලෝකයේ බොහෝ සංස්කෘතීන්වල ඉතා ජනප්‍රිය, අහාර රස ගැන්වීමේ ද්‍රව්‍යක් ලෙස භාවිතා කෙරේ. කෙසේවෙතත්, ඉතිහාසය පුරාම සුදුළූනුවල ප්‍රධාන භාවිතය එහි සෞඛ්‍ය හා ඖෂධීය ගුණාංගයන් හා සම්බන්ධවී පවතයි.
සමස්ත "හිස" සුදුළූණු බල්බයක් ලෙසින් හදුනාගනියි. එක් එක් කොටස බිකක් (clove) ලෙස හැඳින්වේ. තනි බල්බයක් තුළ දහයක් දොළහක් පමණ බිකි ලබා ගැනීමට ඇත. සල්ෆර් අඩංගු රසායනික සංයෝගයක් වන allicin සුදුළූනුවල අන්තර්ගත වේ. නමුත් allicin එලෙසින්ම සුදුළූනුවල අඩංගු නොවේ. අමු සුදුලූනු පොඩි කරනවිට හෝ කපන විට හෝ හපන විට allicin නිපදවේ. සුදුලුනුවල ගුණය වැඩිපුරම පවතින්නේ එහි ඇති allicin ප්‍රමාණය මතය. බොහෝ අවස්ථාවන්හිදී සුදුළුණු වල ඇති allicin අප අහාර පිසින විට විනාශ වේ. එයට හේතුව වන්නේ allicin නිපදවිමට එන්සයිමයක ක්‍රියාකාරිත්වය අවශ්‍ය වන බැවිනි. එන්සයිම වැඩි උෂ්ණත්වයේදී විනාශ වේ. සුදු ලුණු බිකි හෝ ගෙඩිය නිකන්ම ඇති විට මේ එන්සයිමය අක්‍රිය තත්වයේ පවතියි. සුදුළුණු ගෙඩිය පලුදු වූ විට හෝ පිහියකින් කපන විට හෝ පොඩි කරන විට එසේ නැත්නම් හපන විට එන්ස්ය්මය ක්‍රියාත්මක වේ. උතුරන හොද්දක ඇති එන්ස්ය්ම විනාශ වන නිසා නිෂ්පාදනය වන allicin ප්‍රමානය ඉතා අඩු වීමට හැකිය. නමුත් අහාර පිසීමට විනාඩි 30- 40 කට පමන පෙර සුදුළුණු කපාගෙන හෝ පොඩි කරගෙන තබා ගැනීමට හැකිනම් එන්සයිම් ක්‍රියාත්මක වී allicin නිෂ්පාදනය සිදුවේ. allicin නිෂ්පාදනය වූ පසුව එන්සයිම විනාශ වුවාට කමක් නැත. නමුත් allicin අධික උෂ්ණත්වයේදී විනාශ නොවේ.සුදුළූනුවල සුවදට හේතු වන්නේද allicin ය.
සුදුළූණු, විටමින් C, විටමින් B6 සහ මැංගනීස්වලින් පෝෂිත අතර කැලරි ප්‍රමාණය ද අඩුයි. විවිධාකාර වෙනත් පෝෂ්ය පදාර්ථ ද සුළු ප්‍රමාණයන් ගෙන් සමන්විත වේ.
සුදුළූනු වල ඇති සංඝටක, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා දායකවන බව හඳුනාගෙන ඇත. සුදුළූනු, උණ සහ සාමාන්ය සෙම්ප්‍රතිශ්‍යාව වැනි පොදු රෝගාබාධවල බරපතලකම වැළැක්වීමට සහ අඩු කිරීමට උපකාරී වේ. සති දොළහක අධ්‍යනයකින් හෙළි වූයේ දිනපතා සුදුළූණු අතිරේක ලබා ගැනීමෙන් සෙම්ප්‍රතිශ්‍යා තත්වය 63% කින් අඩු කරගත හැකි බව ය. තවත් අධ්‍යනයකට අනුව සුදුළූණු නිස්සාරණය (දිනකට ග්රෑම් 2.56) වැඩි මාත්‍රාවක් ලබා ගැනීමෙන් ප්‍රතිශ්‍යාව හෝ උණෙන් පෙළෙන දින ගණන අඩු කර ගත හැකි බවය. ඔබ නිතරම සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙනවා නම්, ඔබේ ආහාරයට සුදුලූණු එකතු කිරීම ප්‍රයෝජනවත් විය හැකිය.
ලොව වැඩිම, මරණයන්ට වගකිව යුතු හේතු වන රෝග වන්නේ හෘදයාබාධ සහ ආඝාතය වැනි හෘද වාහිනී රෝගයන් වේ.
අධි රුධිර පීඩනය නොහොත් hypertention, මෙම රෝගවල වැදගත්ම ධාවකයකි. අධි රුධිර පීඩනය සහිත පුද්ගලයින්ගේ රුධිර පීඩනය අඩු කිරීම සඳහා සුදුලූණු වල සැලකිය යුතු බලපෑමක් තිබෙන බව මානව අධ්‍යන මගින් සොයාගෙන තිබේ. තවත් එක අධ්‍යනයකට අනුව සුදුළූනු නිස්සාරණයේ 600-1500 mg මාත්‍රාවක් මගින් සති 24 ක දී Atenolol ඖෂධ තරමටම රුධිර පීඩනය අඩුකිරීමට හැකියාවක් තිබෙන බව සනාථව ඇත.
අතිරේක (සුදුළූනු නිස්සාරණයේ) ප්‍රතිශතය මෙම අපේක්ෂිත බලපෑම් ඇති කිරීම සඳහා සෑහෙන ඉහල විය යුතුය. අවශ්‍ය වන ඇලිසීන් ප්‍රමාණය දිනකට සුදුළූණු බිකි හතරකට පමණ සමාන වේ.
සුදුළූණු වලට මුලු කොලෙස්ටරෝල් මට්ටම හා LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කළ හැක.
සුදුලූනු මගින් විශේෂයෙන් LDL ("නරක") කොලෙස්ටරෝල් වලට බලපෑමක් පෙන්නුම් කලද HDL ("හොඳ") කොලෙස්ටරෝල් වලට කිසිදු විශ්වසනීය බලපෑමක් ඇති කොට නැත. (අධ්‍යන වලට අනුව)
රෝග සඳහා තවත් ප්‍රසිද්ධ අවදානම් සාධකයක් වන ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම් අඩු කිරීමට සුදුළූණු වල බල පෑමක් තවම පෙන්නුම් කොට නැත.
නිදහස් මුක්ත ඛණ්ඩ වලින් ෛසල වලට සිදුවන ඔක්සිකාරක හානිය, වයසට යාමේ ක්‍රියාවලියට දායක වන බව ඔබ දන්නවා ඇති. සුදුළූණු වල ඔක්සිකාරක හානිවලට එරෙහිව ශරීරයේ ආරක්ෂිත යාන්ත්‍රණ සඳහා සහාය වන ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ. කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය අඩු කිරීම මෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුණ, අල්ෂයිමර් රෝගය හා ඩිමෙන්ශියාව වැනි මොළයේ රෝග වළක්වා ගැනීමට දායක වේ. සුදුලූනු, බහුලව ඇති වන රෝග වලට එරෙහිව කටයුතු කරන බවට හේතු සාධක හඳුනාගෙන ඇත. එබැවින් එය දිගු කල් ජීවත් වීමට ඔබට උදව් වනු ඇත.