ඉඟුරු සතු ගුණ

ඉඟුරු
ඉඟුරු යනු වඩාත් රසවත් මෙන්ම ගුණදායකම කුළු බඩු වර්ගය ලෙස හැදින්විය හැකිය. ඉඟුරු සතුව අපගේ ශරීරයට සහ මොලයට හිතකර සංයෝග රාශියක් ම තිබෙනවා. ඉඟුරු වගාවක් වශයෙන් ආරම්භ වූයේ චීනයෙනි. සින්ජිබර්සියේ (Zingibercea) යන කුලයට අයත් ශාකයකි. ප්‍රයෝජනයට ගනු ලබන්නේ එහි රයිසොමිය කදය. රයිසොමිය කඳ යනු පොළවෙන් යට පිහිටි කඳයි. විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කරන ලද ඉඟුරු සතුව ඇති සෞඛ්‍ය ප්‍රතිලාබ කිහිපයක් මෙහි දක්වා තිබෙනවා.
සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම අධ්‍යනයේදී ඈත අතීතයේ පටන්ම විවිධ ආකාරවලට ඉඟුරු ඖෂධයක් ලෙස භාවිත කොට ඇති බවට සාක්ෂි තිබෙනවා. ඉඟුරු වල ඇති ජින්ජෙරෝල් (gingerol) යන සංයෝගය ප්‍රබල ඖශධිය ගුණයකින් යුතු බව පැවසෙනවා. එමගින් ඉඟුරුවලට එහි අවේනික රසය සහ සුවඳ ලබා දෙනවා. gingerol යනු ප්‍රබල ප්‍රති ප්‍රදාහකයක් සහ ප්‍රති ඔක්සිකාරකයකි. ඉඟුරු වල අඩංගු අනෙකුත් ඖෂදීය සංයෝග වන්නේ, shogaol, paradol සහ zingerone ය.
ඉඟුරු සතුව ඇති ප්‍රධාන ඖෂධිය ගුණයක් වන්නේ ඔක්කාරය වැලක්වීමට එයට ඇති හැකියාවයි. ගර්භණි මව්වරුන්ගේ සහ නැවියන්ගේ ඔක්කාර තත්වයට ප්‍රතිකාරයක් ලෙස ඉඟුරු අතීතයේ සිටීම ප්‍රයෝජනයට ගෙන ඇත. ගැබිණි මව්වරු 1278 දෙනෙකු සමග සිදු කරන ලද අධ්‍යන 12ක් සලකා බලා සකස් කල විමසුමකට අනුව ඉඟුරු වල එම ගුණය සනාථ කොට ඇත. Rochester සරසවිය සිදුකල පර්යේෂණයකින් ඔවුන් පෙන්වා දුන්නේ ඖෂධ ප්‍රතිකාරවලට(chemo therapy) ලක්වූ රෝගීන්ගේ ඔක්කාරතත්වය අඩු කිරීමට ඉඟුරු වලට හැකි වූ බවය.
දිලිර නාශක ගුණයක් ද ඉඟුරු සතුව පවතියි. 2016 දී සිදු කල පර්යේෂණයකින් පෙන්වා දී ඇත්තේ ඉඟුරු නිස්සාරය, මුඛයේ හටගන්නා දිලිර රෝග 2කට සාර්ථක ප්‍රතිකාරයක් වූ බවය. ඇතැම් ශාක වල හටගන්නා දිලිර රෝග සදහාද ඉඟුරු නිස්සාරය භාවිතා කරයි.
අමාශයේ වන ඇති වීම යනු ඉතා වේදනාකාරී තත්වයකි. ඉඟුරු වල ඇති සංයෝග මගින් අමාශයේ වන ඇති වීම වලක්වන බව පෙන්වා දෙන පර්යේෂණයක් 2011 දී සිදු කොට ඇත.
කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේදී ඇතිවන වේදනාවටද ඉඟුරු මගින් සහනයක් දිය හැකි බවද පැවසේ.
පිළිකා ඇතිවීම වැලක්විය හැකි ගුණයක් ඉඟුරු සතුව ඇති බව දැන් සොයා ගෙන ඇත. එහි ඇති gingerol 6 යන සංයෝගය මගින් ඩිම්භකෝෂ පිළිකා, පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා සහ අග්න්‍යාශයේ පිළිකා වලට එරෙහිව කටයුතු කරන බව රසායනාගාර පර්යේෂණ වලින් සනාථ කොට ඇත. නමුත් එම පර්යේෂණ පුද්ගලයන් හට අදාල කර ගැනීම සදහා තව දුරටත් පර්යේෂණ සිදු කල යුතු බව පර්යේෂකයන්ගේ අදහසයි.
ඉඟුරු සතු තවත් වැදගත් ගුණාංගයක් වන්නේ එහි, රුධිරගත ග්ලුකෝස් ප්‍රමාණය යාමනය කිරීමේ හැකියාවයි. 2015 දී සිදු කරනලද අධ්‍යනයක දී සනාථ වී ඇත්තේ නිරාහාර විට රුධිරගත ග්ලුකෝස් මට්ටම 12%කින් අඩු කිරීමට සහ දීර්ඝ කාලිනව රුධිරගත සිනි ප්‍රමාණය පාලනය කිරීමට ඉඟුරු වලට හැකියාව ඇති බවයි.
සන්ධි වේදනා සහ මාංශ පේශි වල වේදනා දුරු කිරීමට ද ඉන්ගුරුවලට හැකි බව පැවසේ.
කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට ද ඉඟුරු වලට හැකියාවක් ඇති බව ඔබ දැන සිටියාද? කොලෙස්ටෙරෝල් යනු ශරීරයට අවශ්‍ය මේද වර්ගයකි. කෙසේ නමුත් ශරීරය තුල අධික ලෙස කොලෙස්ටෙරෝල් ගොඩ ගැසීම ශරීරයේ යහ පැවැත්මට ඉතා අහිතකර තත්වයකි. විශේෂයෙන්ම මේවා රුධිර නාල වල අභ්‍යන්තර බිත්ති මත තැන්පත් වීමෙන් රුධිර නාල වල ඇතුල් කුහරය කුඩා කොට රුධිර සංසරණයට බාධා ඇති කරනවා. ශරීරයේ LDL කොලෙස්ටෙරෝල් මට්ටම අඩු කොට HDL මට්ටම වැඩි කිරීමට ඉඟුරු වලට හැකි බව ඉරානයේ පිහිටි වෛද්‍ය විද්‍යාව පිළිබද Babol සරසවිය මගින් සිදු කරන ලද අධ්‍යනයකින් සනාථ වී තිබෙනවා.
ඉඟුරු ඔබගේ මොලය සදහා ද වැදගත් වේ. වයසට යාමත් සමහ මොලයේ ක්‍රියාවන්වල සිදුවන මන්දගාමිත්වය, සහ අමතක වීම අදියට එරෙහිව ඔබගේ මොලය ආරක්ෂා කිරීමට ඉඟුරු වලට හැකිය.
අහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කිරීමට ද ඉඟුරු වලට හැකි බව අප අත්දැකීමෙන්ම දන්නවා නේද? බඩේ අමාරු සදහා ඉඟුරු කෑමට ගන්නා ලෙස අපගේ වැඩිහිටියන් අපට උපදෙස් දී තිබෙනවා නේද?
මෙතරම් වටිනා ගුණාංගයන්ගෙන් යුතු ඉඟුරු වලින් ප්‍රයෝජන ගැනීමට නම්,
ඔබ විවිධ පලතුරු පාන වර්ග සකසන විට ඉඟුරු ඉස්ම එකතු කරන්න.
සැලඩ් වර්ග වලට සහ සුප් වර්ග සකසන විට ඉඟුරු භාවිතා කරන්න.
යහපත් ප්‍රතිපල ලබා ගැනීමට නම් ඔබගේ මහපට ඇගිල්ලේ තරමින් යුතු ඉඟුරු කෑල්ලක් භාවිතා කල යුතුය. ඉඟුරු කුඩු සුපිරි වෙළද සැලවල් වල ඇත. ඒවාද ඔබට භාවිතා කල හැකිය. ඇතැම් විට ඉඟුරු කුඩු අඩංගු කරල් ද ඇත. මිට අමතරව අපට හොදින්ම පුරුදු ඉඟුරු ප්ලේන් ටීයද ඉතා ගුණදායක බව ඔබට තේරෙනවා නේද? එයට මීපැණි හෝ ලෙමන් එකතු කිරීමෙන් රසය වැඩි කර ගත හැකිය.
සාමාන්‍යයෙන් ඉඟුරු මගින් අහිතකර අතුරු ප්‍රථිපල ලබා නොදෙයි. නමුත් ඇතැම් විට ඇතැම් පුද්ගලයන්ට යම් යම් අසාත්මිකතා ආදිය ඇතිවිය හැකිය. එම නිසා ඖෂදයක් ලෙස ඉඟුරු බවිත කිරීමේදී ඒ පිලිබදව සැලකිලිමත් වන්න.