ඔබගේ ආහාර වේලට කඩල එක් කරගැනීමට හේතු 8ක්

කඩල යනු අපි හැමෝම හොදින් දන්නා කියන ධාන්‍ය වර්ගයකි. අවුරුදු දහස් ගණනකට පෙර සිට මධ්‍යධරණී ප්‍රදේශ වල වවන ලද කඩල මෑතකදී ලෝකය පුර අවධානය දින ගනු ලැබූවේ එහි පෝෂණ ගුණය ඉතා ඉහල නිසාය. මෙහි සදහන් වන්නේ කඩල සතු පෝෂණ ගුණය සහ අපගේ එදිනෙදා ආහාර වේලට කඩල එක කරගත හැකි ආකාර කිහිපයක් ගැනය.
පෝෂක විශාල ප්‍රමාණයක් අඩංගු ධාන්‍ය වර්ගයක් වීම
කඩල අවුන්සයකින් කැලරි 46ක්,කබෝහයිඩ්රේට් ග්‍රෑම් 31ක්, තන්තු ග්‍රෑම් 2ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 3ක්, ෆොලේට් 12%ක්, යකඩ 4%ක්, පොස්ෆරස් 5%ක්, කොපර් 5%ක්, මන්ගනිස් 14%ක් ලබාගත හැකිය.
නිතර නිතර දැනෙන බඩගින්න පාලනය කර ගත හැකිය.
කඩල වල තන්තු සහ ප්‍රෝටීන් විශාල වශයෙන් අඩංගු වන නිසා ජීර්ණය වීමට කාලය ගහ වේ. මේ නිසා කඩල ආහාරයට ගත විට ඉක්මනින් බඩ පිරුණු බවක් දැනෙන අතර නැවත බඩගිනි ඇතිවීම ප්‍රමාද වේ. මිට අමතරව කඩල වල ඇති ප්‍රෝටීන් නිසා ආහාර රුචිය වඩවන හෝමෝන ශ්‍රාවය වීම අඩු වේ.
කෙසේ නමුත් කඩල වල බඩගින්න සහ ආහාර රුචිය පාලනය කරන ආකාරය පිලිබදව තව දුරටත් පර්යේෂණ සිදු කෙරෙමින් පවතින අතර ඔබගේ දෛනික ආහාරවේලට එකතු කර ගැනීමේ කිසිදු වරදක් නැත.
සත්ත්ව මාංශ ආහාරයට නොගන්නා පුද්ගලයන් සදහා හොඳ ප්‍රෝටීන් ප්‍රභවයකි. කඩල වල අඩංගු වන ප්‍රෝටීන අනෙකුත් ධාන්‍ය වල අඩංගු වන ප්‍රෝටීන වලට වඩා ගුණාත්මක බැවින් වැඩි බව පැවසේ. මෙයට හේතුව වන්නේ, කඩල වල මෙතියෝනයින් හැර අනෙකුත් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ලම අඩංගු වන බැවිනි. මෙනිසා ඔබ කඩල ආහාරයට ගන්නා විට තවත් ධාන්‍ය වර්ගයක් සමග එකට ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ.
කඩල වල ග්ලයිසිමිය අගය අඩුය. මේ නිසා රුධිරගත සීනි පාලනය සදහා එය වැදගත් වේ. එපමණක් නොව කඩල වල අඩංගු වන තන්තු නිසා කබෝහයිඩ්රේට අවශෝෂණය සෙමින් සිදුවේ. මේ නිසා රුධිරයේ සීනි විශාල ලෙස ඉහල නොගොස් ක්‍රමයෙන් සෙමින් ඉහල යාම සිදුවන අතර උපරිම සිමාව ඉක්මවා නොයයි.
තන්තු අධික ආහාරයක් වන කඩල ආහාරයට ගැනීම නිසා ආහාර මාර්ගය තුල ජීර්ණය වූ ආහාර ගමන් කිරීම ද සෙමින් සිදුවේ. මේ නිසා එහි අඩංගු වන පෝෂක අවශෝෂණය කරගැනීමට හොඳ කාලයක් ලැබේ. මිට අමතරව එම තන්තු හිතකර බැක්ටීරියා වර්ධනයට ද දායක වේ. මාහාන්ත්‍රයේ පිලිකා මර්ධනය ට සහ ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු අවම කිරීම සදහා ද වැදගත් වේ.
කඩල වල මැග්නීසියම් සහ පොටෑසියම් ආදී ඛනිජ අඩංගු වන නිසා හර්ධ සෞඛ්‍යට යහපත් ය. ට්‍රයිග්ලිසර්යිඩ සහ අඩු ඝනත්ව කොලෙස්ටෙරෝල් පහත හෙලීමට කඩල වල ඇති තන්තු වලට හැකි බව පෙන්වා දී ඇත.
ශරීරයේ සිදුවන පරිවුර්තිය ක්‍රියාවලදී අතුරු පල ලෙස විකුර්ති සෛල ඇතිවේ. මෙවන් විකුර්ති සෛල පිලිකා සෛල බවට පත් විය හැකිය. බයියුරේට් නම් මේද අම්ලයට මෙවන් විකුර්ති සෛල විනාශ කල හැකි බවත් ශරීරය තුල බයියුරේට් නිෂ්පාදනය වීම කඩල මගින් ප්‍රවර්ධනය වන බවත් විශේෂඥන්ගේ අදහසයි.
කඩල වල සැපොනින් නම් සංයෝගයක් අඩංගු වන බවත් මෙම සැපොනින් පියයුරු පිළිකා සහ පෙනහළු පිළිකා ඇති වීම අඩු කිරීමට දායක වන බවත් පැවසේ.
කඩල යනු මිලෙන් අඩු ගුණයෙන් වැඩි ආහාරයක් බැවින් ඔබගේ දෛනික ජිවිතයේ පර්බෝජනයට දෙවරක් නොසිතා කඩල එක් කර ගන්න.