මී පැණි

Yashodha Jayalath
November 14, 2020
${article.image}

රන්වන් පැහැති  උකු ගතියෙන් යුතු දියරයක් වන  මී පැණි සාදාගනු ලබන්නේ, මී වද  තුල මී මැස්සන් රැස් කර ගන්නා මල් පැණි මගිනි. මල් පැණි නොහොත් ඉංග්‍රීසියෙන් “nectar ” ලෙස හදුන්වන්නේ පැණි රසැති සිනි ද්‍රාවනයකි. මී මැස්සන්ගේ බd තුල පැණි රැස් කර තබා ගත හැකි කොටසක් ඇත. මී මැස්සෙකුට උගේ බර හා සමාන බරක් පැණි රැගෙන යාමට හැකි බව පැවසෙනවා. ඔවුන්ගේ දිගු තුඩු වලින් ලබාගන්නා මල් පැණි මෙම කොටසේ රදවා තබා ගනී. එහිදී විවිධ එන්සය්ම වල ක්‍රියාකාරිත්වයට ලක් වීමෙන් මල් පැණි වල රසායනික සංයුතිය වෙනස් වේ. මල් පැණි වල pH අගයද මේ අතර වෙනස් වේ. මෙම වෙනස නිසා දිගු කාලයක් තබා ගත හැකි ආකාරයට මල් පැණි වෙනස් වේ. මී වදය තුලද තවදුරටත් මේ පැණි සකස් වේ.  පැණි වල ඇති ජලය ඉවත් කිරීමට මී මැස්සන් ඔවුන්ගේ තටු වේගයෙන් දිගින් දිගට සලන්නට පටන් ගනී. ජලය සෑහෙන ප්‍රමාණයක් ඉවත් වූ පසුව මී මැස්සන්ගේ ඉටි මගින් මී වදය සීල් තැබීමට ලක් වේ. ඇත්තටම මී මැස්සෝ මෙලෙසට මී පැණි සාදන්නේ, ශිත කාලයට පරිභෝජනය කිරිමටය.

උක් සිනි බහුලව භාවතා කිරීමට පටන් ගැනීමට පෙර, ලෝකය පුරා විවිධ ජාතිකයන් ඔවුන්ගේ සිනි ප්‍රභවය  ලෙස මී පැණි භාවිතා  කලා. පැණි ලබාගන්නා මල් වර්ගය අනුව මී පැණි වල පාට, උකු බව, රසය සහ සුවද වෙනස් වෙනවා. 

මී පැණි වලට ශරීර බර වැඩිවීම පාලනය කිරීමේ හැකියාවක් ඇති බව හා රුධිරගත සිනි මට්ටම අඩු කිරීමේ හැකියාවක් තිබෙන බව පැවසෙනවා. පර්යේෂණ මගින් සොයාගෙන ඇති පරිදි රුධිරගත ට්‍රය්ග්ලිසරය්ඩ (triglysaride) ප්‍රමාණය අඩු කිරීමට මෙන්ම අහාර රුචිකත්වය ඇති කරන හෝමෝන පාලනය කිරීමේ හැකියාවක් මී පැණි සතු ය.

ට්‍රය්ග්ලිසරය්ඩ (triglysaride) යනු ආහාරයට ගනු ලබන මේදය වේ.

මී පැණි යනු තවත් අතකින් ප්‍රති ඔක්සිකාරක බලාගාරයකි. දිනපතා මී පැණි භාවිතා කිරීම තුලින් ශරීරයේ ප්‍රති ඔක්සිකාරක ප්‍රමාණය ඉහල යන බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. පිලිකා ඇතුළු විශාල රෝග රැසකට මුල්වන නිදහස් මුක්ත ඛණ්ඩ විනාශ කිරීමේ හැකියාවක් ප්‍රති ඔක්සිකාරක වලට ඇත. මිට අමතරව රෝග වැලක් වීමේදී වැදගත් වන රසායනික සංයෝග වන ෆ්ලෙවනොය්ඩ්ස්  වර්ග වන pinocembrin, pinostrobin සහ chrysin ද අඩංගු වේ. Pinocembrin වලින් පිලිකා  සල ඉබේ මිය යාමට සල්වන බව අධ්‍යන මගින් හෙළි කර ඇත. පුරුෂයින්ගේ ටෙස්ටිස්ටේරෝන් හෝමෝනය නිපදවීමද chrysin මගින් වැඩි කරන බවද සදහන් වේ. අක්ෂි සෞඛ්‍ය සදහා ද වැදගත් බව කියවේ. නින්දට පෙර මී පැණි ලබාගැනීමෙන් හොද නින්දක් ලබාගත හැකි බව මේ ආශ්‍රිත පොත් පත්වල සදහන් වේ.